ඡන්දය නිමවන තෙක් ජනපති නිහඩයි


ඡන්ද විමසීම අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජනාධිපති අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා විශේෂ ප‍්‍රකාශයක් කරන බවට රට පුරා විශාල බොරු ප‍්‍රචාරයක් ගෙන යෑමට මේ වන විට එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා දිනවීමට කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, රවුෆ් හකීම් සහ සම්පන්ධන් ඇතුළු පිරිස කි‍්‍රයා කරමින් සිටින බවත් ඔහු කීවේය. එම අසත්‍ය ප‍්‍රචාරයට නොරැුවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා ඊයේ (4 දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ පූර්ණ ආශීර්වාදය මත බවත් ජනාධිපතිවරයා ගත් එම තීරණය කිසි විටෙකත් වෙනස් නොවන බවත් කී වීරකුමාර මහතා එම නිසා මැතිවරණය සම්බන්ධයෙන් කිසිවකු පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් කීවේය.

ජනමතය ප‍්‍රතික්‍ෂේප කළ චන්ද්‍රිකා මහත්මිය සහ සම්පන්ධන්, හකීම් ඇතුළු පිරිස මේ කරන්නේ විවිධ බලවේග හරහා අසත්‍ය ප‍්‍රකාශ කර ජනතාව රැුවටීමට බවත් ඔහු පැවසීය. එම නිසා මේ මැතිවරණය අවසන් වන නොවැම්බර් 17 වැනිදා නැවත පක්‍ෂ නායකත්වය භාර ගන්නා තුරු ජනාධිපතිවරයා කිසිදු ප‍්‍රකාශයක් සිදුනොකරන බව ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ යැයිද වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.