ගෝඨාභයට වඩා සජිත්ගේ ප‍්‍රතිපත්ති හොඳයි.... චන්ද්‍රිකා කියයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් ඊයේ (05 දා* කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම සමුළුවට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා මනෝ ගනේෂන් යන මහත්වරුන් සමුළුව අවසන් වීමෙන් පසු සාකච්ඡුාවක නිරතව සිටි අයුරු. කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ද පසෙකින් සිටී.
 
 ඡුයාරූපය - තුෂාර අතපත්තු

 
 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන සජිත් පේ‍්‍රමදාස සහ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ අතරින් හොඳම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලෙස තමා පිළිගන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
 
 ඇය මේ බැව් පැවසුවේ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඊයේ (05 දා* පැවැති ‘අපි ශී‍්‍ර ලංකා’ සමුළුව අමතමිනි.
 
 ‘ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධාන’ය විසින් මෙය සංවිධානය කර තිබිණි.
 
 ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමෙන් විනාශයට පත්වූ බවට කරන ප‍්‍රකාශ තමා පිළිගන්නේ නැති බවත් 2015 ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ ආණ්ඩුවේදී ශී‍්‍රලනිපය ශක්තිමත් වූ බවත් එම ආණ්ඩුවේදී ශී‍්‍රලනිප මන්තී‍්‍රවරුන්ට ප‍්‍රබල අමාත්‍යාංශ ලැබුණු බවත් එමගින් තම පාක්‍ෂිකයනට සේවය කිරීමට අවස්ථාව ලැබුණු බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
 
 ලබන 16 වැනිදා ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග‍්‍රහණය කළහොත් ශී‍්‍රලනිපය විනාශ වී යන බවත් පක්‍ෂ මූලස්ථානයත් අහිමි වී යා හැකි බවත් ඇය ප‍්‍රකාශ කළාය.

Post a Comment

0 Comments