කමිටු පත් කිරීම හෝ කයිවාරු ගැසීම් සිදු නොකොට තමන් ජනතා ප‍්‍රශ්න විසඳීමට කැපවන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (04 දා) හොරොව්පොතානේදී පැවසීය.
ජනතා ප‍්‍රශ්න දෙස ප‍්‍රායෝගිකව බලා කඩිනම් විසඳුම් ලබා දීමට තමන් කැප වන බවත් ඉදිරියේදී පත් වන නව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ද ඒ සඳහා සූදානම් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
තමන් ජනපති වූ විට උදේ හතරට සිය රාජකාරි ආරම්භ කරන බව ද තම පාලනයක් යටතේ නව තනතුරු හිමි වනුයේ දූෂිතයන්, වංචාකාරයන්ට නොව දක්ෂතාව සහ නිපුණතාව ඇති අය සඳහා පමණක් බව ද ඒ මහතා මෙහිදී කීය.
ඊට අමතරව රටේ පාලකයන් සුරසැප විඳින කාලයක් වෙනුවට ජනතාවට සුරසැප ලබා දෙන පාලන කාලයක් ආරම්භ කරන බව ද පක්ෂ, පාට බේදයකින් තොරව තමන් රටේ සියලූම ජනතාවට සහන ලබා දෙන බව ද සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.