මැතිවරණය දා ආධාරකරුවන්ට බොන්න දෙන්න එපා... ඡන්දය ඉල්ලා බලපෑම් කළොත් උසාවියට

ජනාධිපතිවරණයේදී තමන්ගේ අපේක්‍ෂකයා වෙනුවෙන් ඡන්ද ලබා ගැනීම සඳහා ඡන්ද දායකයාට බලපෑම් හෝ තර්ජනය කිරීමෙන් වළකින ලෙස තරග කරන සියලුම අපේක්‍ෂකයන්ගෙන් සහ දේශපාලන පක්‍ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින බවතA එසේ කළහොත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා zදිවයිනZට ඊයේ (8 දා) ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව ඡන්ද දායකයකුගෙන් පැමිණිල්ලක්‌ ලැබුණු විගස සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කිරීමට පොලිසියට පවරන බවද ඔහු කීවේය. එම පැමිණිල්ල ඡන්ද දායකයාට ළ`ගම පිහිටි පොලිස්‌ ස්‌ථානයට පැමිණිලි කිරීමට හැකි බවද ඔහු පැවසීය.

චණ්‌ඩිකම් කර මැර බලය යොදවා මනාප ගොඩ වැඩිකර ගැනීමට කිසිම ජනාධිපති අපේක්‍ෂකයකුට හෝ දේශපාලන පක්‍ෂවලට ඉඩ නොදෙන බවද දේශපාලන පසුබිම නොතකා එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම මැතිවරණය දින සිට ඡන්ද දායකයන්ට හෝ ආධාරකරුවන්ට මත්පැන් ලබා නොදෙන ලෙසද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපේක්‍ෂකයන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments