කොළඹ නිවසක් තුළ පුද්ගල ඝාතනයක්



කොළඹ කොම්පඤ්ඤ වීදියේ නිවසක් තුළ පුද්ගලයෙක් පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.ඊයේ(05)රාත්‍රී 9.15 - 9.40 ත් අතර, කාලය තුළ මෙය සිදුව ඇතැයි පොලීසිය සැක කරයි.අංක 177, ධර්මපාල මාවත, කොළඹ 2 යන ලිපිනයේ මෙම නිවස පිහිටා ඇත.ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුර නිවස තුළ තිබී හමුව තිබේ.මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 අංකයට ලස ඇමතුමක් මත පොලීසිය වහාම පරීක්ෂණ ආරම්භ කර තිබේ.මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වු අංක 80/5, දෙවන පටුමඟ, අතුරුගිරිය පාර, හෝමාගම යන ලිපිනයේ පදිංචි ගලබඩආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා යන අයයි.මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post a Comment

0 Comments