ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසියි - නීතිඥ අලි සබ්රි මාධ්‍යයට ලිපි ලේඛන ඉදිරිපත් කරයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළ සියලූම ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර කරුණු පැහැදිලි කිරීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් ඊයේ (10 දා) කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැති අතර එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අදහස් දැක්වූ අයුරු ඡුායාරූපයේ දැක්වේ.

ඡායාරූප - තුෂාර අතපත්තු
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවය අහෝසි කිරීමට අදාළව ලිපි ලේඛනවල මුල් පිටපත් ඊයේ (10 දා) ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් විසින් මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබූහ.

මෙයට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වූ බවට තහවුරු කළ ලේඛනයේ මුල් පිටපත් ද ඇතුළත් වූ අතර එම සියලූම ලේඛනවල ඡුායාපිටපත් ද ඊයේ මාධ්‍යයට ලබා දෙන ලදි.

මේ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය විධිමත් ලෙස අහෝසි කර ගෙන නැති බවට ඉදිරිපත් කරන චෝදනාව ජනමනස විකෘති කිරීමේ අරමුණෙන් ඉදිරිපත් කරන ලද්දක් බවත් පරාජයෙන් වියරු වැටී සිටින්නන් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර ඉදිරි දිනවල තවත් ඉදිරිපත් කරනු ඇති බව ද මාධ්‍ය අමතමින් අල් සබ්රි මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වීමෙන් පසු ඔහුගේ අවලංගු කළ ඇමෙරිකානු ගුවන් ගමන් බලපත‍්‍රය ද අල් සබ්රි මහතා මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එම සියලූම ලේඛනවල මුල් පිටපත් පැමිණ අවශ්‍ය නම් පරීක්‍ෂා කර බලන ලෙසට ද සබ්රි මහතා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

එම මාධ්‍ය සාකච්ඡුාවේදී ඉදිරිපත් කළ එම ලේඛනවල ඡුායා පිටපත් ද මාධ්‍යයට ලබා දෙන ලදී.

මෙහිදී කතා කළ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා කීවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ සියලූම ලේඛන තමා පරීක්‍ෂා කළ බවත්, ඒ අනුව ඒ මහතාට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට හෝ ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

කොළඹ කින්ස්බරි හෝටලයේදී ඊයේ (10 දා) දහවල් මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, ජනාධිපති නීතිඥ රසික් සරුක් යන මහත්වරුන් සමඟ ඇමරිකාවේ නීතිඥයකු වන මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

Post a Comment

0 Comments