ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එම්. කේ. ශිවාජිලිංගම් මහතා ටෙලෝ පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඊයේ (03 දා) ඉල්ලා අස් වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ උදෑසන භාරදුන් බව ටෙලෝ පක්‍ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටීම සම්බන්ධව කරුණු දක්වන ලෙසට පක්‍ෂයේ විනය මණ්ඩලය විසින් ශිවාජිලිංගම් මහතාට දැනුම් දී තිබිණි.
ඒ අනුව ඊයේ (03 දා) පක්‍ෂයේ විනය මණ්ඩලය හමුවේ කරුණු දැක්වීමට ශිවාජිලිංගම් මහතාට නියමිතව තිබිණි.
තමා පක්‍ෂයෙන් ඉල්ලා අස්වන බවට ශිවාජිලිංගම් මහතා පක්‍ෂ නායකත්වයට සහ ලේකම්වරයාට දැනුම් දුන්නේ ඊයේ පෙරවරුවේදී ය.
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමෙන් පසු ශිවාජිලිංගම් මහතා ටෙලෝ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ දේශපාලන මණ්ඩලයෙන් ඉවත් වූ අතර පක්‍ෂයේ පොදු මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.
ශිවාජිලිංගම් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ මින් ඉදිරියට ඔහු සමග පක්‍ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ටෙලෝ පක්‍ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කරයි.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධව ශිවාජිලිංගම් මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය වෙනුවෙන් පක්‍ෂයේ සියලූ තනතුරුවලින් තමා ඉල්ලා අස් වූ බවය.