මැතිවරණ පැමිණිලි අඩුකර ගැනීමට දේශපාලකයන් සහ ඡන්ද දායකයන් පියවර ගත යුතුයි - මැ. කො. සභාපති කියයි

ජනාධිපතිවරණයට අදාළව පොලිසියට සහ මැතිවරණ කාර්යාලවලට ඉදිරිපත් කරන පැමිණිලි හැකිතාක් දුරට අඩුකර ගැනීමට දේශපාලනඥයන් මෙන්ම ඡුන්ද දායකයන්ද පියවර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

එමෙන්ම මේ දිනවල රට පුරා පැවැත්වෙන මැතිවරණ රැුලිවලදී ජනතාව උසිගන්වන ආකාරයට ප‍්‍රකාශ නිකුත් නොකිරීමට කවුරුත් ක‍්‍රියාකිරීම වැදගත් යැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

මේ අතර මෙම මැතිවරණය සඳහා ජනතාවගේ ආරක්‍ෂාවට පොලිසියේ සහ ත‍්‍රිවිධ හමුදාවේ සම්පූර්ණ සහාය ලැබෙන බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.

මීට අමතරව සිවිල් ආරක්‍ෂක බළකායේ සහායද පොලිසියට ලබාදෙන ලෙසද පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය ඉල්ලා සිටී.

Post a Comment

0 Comments