රට ගොඩනැඟීම සඳහා දැක්මක්, සැලැස්මක් සහිත බලවේගයක් නියෝජනය කරමින් ඉදිරිපත් වී තිබෙන එකම කණ්ඩායම ජාතික ජන බලවේගය බවත් ජනතාව තමන් මැතිවරණයේදී ගත යුත්තේ කුමන තීන්දුවක් ද යන්න තීරණය කිරීමට සිය බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයම ප‍්‍රමාණවත් බව එම බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩු හැදිය යුත්තේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට බවත් එහෙත් හැත්තෑ එක් වසරක් රට පාලනය කළ පාලකයන් ඔවුන් සුරක්ෂිත වී මඩිය තරකර ගත්තා මිස ජනතාවගේ ජීවිත සුරක්ෂිත නොකළ බවත් හෙතෙම චෝදනා කළේය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා 10 වැනිදා එම අදහස් පළ කළේ ගම්පහ පැවැති ජන හමුවකදී ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.
දිගු ඉතිහාසයකට යන්නේ නැතිව මේ මැතිවරණයේ ක‍්‍රියාකාරීත්වය දෙස බලල වුණත් අපේ රටේ ජනතාවට තීන්දු කරන්න පුළුවන්, මෙවර ජාතික ජන බලවේගයට තමයි ඡුන්දය දෙන්න ඕනෑ කියලා. අපි දැක්කා පසුගිය දිනවල මැතිවරණ වේදිකාව කෙසේද කියා. බොහෝ දුරට කියන්නේ දෙපැත්ත කැපෙන වචන. උසුළු විසුළු කරන වේදිකා. ඒ වගේම රට හා ජනතාව මුහුණදීලා තිබෙන ගැටලූවලට විසඳුම් ලබාදෙන අන්දම ගැන සාකච්ඡුා කිරීම පසෙක තබා සුපුරුදු යාචක ආර්ථිකයේ ප‍්‍රකාශයන් කරමින් යනවා. ඒ යාචක ආර්ථික ප‍්‍රතිපත්තිය සහිත වේදිකා දෙක වෙනුවට ඊට ප‍්‍රතිපක්ෂව රටේ ජනතාවට වැදගත් දේශපාලන පණිවුඩයක්, දේශපාලන සාකච්ඡුාවක් ගෙනෙන වේදිකාවක් තිබෙනවා. ඒ වගේම මේ රට මුහුණදී තිබෙන අභියෝග භාරගෙන ඒවාට මුහුණදී රට ගොඩනැඟීමේ මාවත පිළිබඳව කියලා දෙන වේදිකාවක් තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව. අර වේදිකා දෙකට සමීප කොටසකුත් ඉන්නවා. එක වේදිකාවක් තමන්ට පක්ෂ කට්ටියක් ඒ වේදිකාවට නඟින විට ”හූ” කියනවා. ඔබ දැක තිබෙන්නේ යම් වේදිකාවක තමන්ට පක්ෂව කතා කරනවා නම් අත්පුඩි ගහනවා. හැබැයි ලංකාවේ පළමු වතාවට අපි දැකලා තිබෙනවා තමන්ට පක්ෂව වේදිකාවට නැග්ග අයට ”හූ” කියනවා. ”හූ” කියන තරම කොච්චරද කියනවා නම් මහින්ද මහත්තයාටත් ”හූ” කියනවා. මං අහගෙන එතුමාම කියනවා මේ දඹදෙණියේ පැත්තේ නම් රැුස්වීම් හවසට තියලා වැඩක් නැහැ පාන්දර තියන්න වෙයි කියලා. මොකද තමන් විසින්ම පොවල ගෙනාපු කණ්ඩායමකට තමයි ඔවුන් ආමන්ත‍්‍රණය කරන්නේ. තව වේදිකාවක මම දැක්කා, එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් තමන්ගේ නායකයන් විශාල ප‍්‍රමාණයක් ඝාතනය කරලා එ. ජා. ප. ය විනාශ කළා කියලා කියන විට පාක්ෂිකයෝ ”ජයවේවා!” කියනවා. එතකොට කථිකයා කියනවා ”යකෝ ජයවේවා! නොවෙයි අපරාදේ කියලා කියපියව්” කියලා. එවැනි පේ‍්‍රක්ෂක ජනතාවක් ඉන්න වේදිකාවක් තිබියදී, ජනතාවට දෙන දේශපාලන පණිවුඩය මොකක්ද. ඒක මීයට පිම්බා සේ අහගෙන ඉන්න ජනතාවක් එක් රැුස්වෙච්ච වේදිකාවකුත් තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ වේදිකාවයි.
ඒ වගේම මැතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්න කණ්ඩායම් බැලූවොත් එක්කෙනෙක් ඉන්නවා ඔහු ගැන සමහරු කියනවා ඉස්සර එයා දකිනකොට මාධ්‍ය දුවනවාලූ. තමන්ට කිසිම අදහසක්, සංකල්පයක් ඔළුවේ නැති මාධ්‍ය විසින් පුම්බන ලද, ”මපට්” එකක් තමයි ඒ. ජනතාවගේ වුවමනාවන් හා හැඟීම් පිළිබඳ අවබෝධයක් නැති, ජනතාව දකින දකින තැන ඔහේ මොනවා හරි දෙන්නම් කියලා කියන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ රට ගොඩනැඟීම සඳහා දැක්මක්, සැලැස්මක් සහිත බලවේගයක් නියෝජනය කරමින් ඉදිරිපත් වී තිබෙන කණ්ඩායම ජාතික ජන බලවේගයයි. අනෙක්වා දෙස බැලූවහම, අපි ඉන්නේ ඉදිරියෙන්. ඒ නිසා මේ රටේ ජනතාවට මේ මැතිවරණ ව්‍යාපාරයම ප‍්‍රමාණවත්, තමන් ගන්න ඕන තීන්දුව මොකක්ද කියලා තීරණය කරන්න. රාජපක්ෂ ආණ්ඩුවේ සියලූ බලය හා ධනය තිබුණේ රාජපක්ෂ පවුල අතේ. අපි ළඟ තිබෙනවා ලිපියක්. එදා වරාය භාර ඇමැති රෝහිත අබේගුණවර්ධන. ඔහු නාමල්ට ලියුමක් යවනවා ඔහුගේ කෙනෙක්ව වරායට දාලා දෙන්න කියලා. ඒ තරම් බලයක් රාජපක්ෂලාගේ දරුවන්ට තිබුණේ. ඒ විතරක් ද ලෝකයේ විශාල බලයක් තිබෙන ඇමෙරිකාවෙ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු ලෝකය පුරා තිබෙන අපේ තානාපති කාර්යාල මෙහෙය වූවෙත් රාජපක්ෂලාගේ ඥාතියෝ. රටේ වැගත් ක්ෂේත‍්‍ර හා ආයතන තමන්ගේ බලය යටතට ගත්තා. කොටින්ම දේවාලයක බලයවත් රාජපක්ෂ පවුලෙන් පිටට දුන්නේ නැහැ. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂව පත්කළා. ඊට පස්සේ මතකද වෙච්ච දේ. අපේ රටේ විහාර දේවාලගම් පනත තිබෙනවා. ඒකේ තිබෙනවා මන්ත‍්‍රී කෙනෙකුට බස්නායක නිලමේ වෙන්න බැහැ කියලා වගන්තියක්. පළාත් සභාවේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීලටත් බැහැ. මහින්දලා තම ආණ්ඩුව යටතේ සංශෝධනයක් ගෙනාව ඒ පනතට. මොකක්ද කතරගම දේවාලය හැර කියලා.
සමහර මාධ්‍ය සහ මාධ්‍යවේදියෝ හිටියේ මර බියෙන්. සමහරු රට දාලා ගියා. එවැනි භීෂණයක් එදා තිබුණා. මාධ්‍යයට බෝම්බ ගැහැව්වා. මාධ්‍යවේදියෝ ඝාතනය කළා. මේ යුද්ධය තිබෙන කාලයේ නොවෙයි. ඊට පස්සේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින්ම අකුළන ලද රටක් තිබුණේ. විෂවලින් තොර වතුර ඉල්ලා පාරට බැස්ස රතුපස්වල ජනතාවට වෙඩි තිබ්බා. තිදෙනෙක් මරා දැම්මා. සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල මංකොල්ල කන්න පනතක් ගෙනාවා. ඒ පනතට විරුද්ධව කටුනායක වෙළෙඳ කලාපයේ තරුණ තරුණියන් පාරට බැස්සා. ඔවුන්ට වෙඩි තැබුවා. රෝෂාන් චානකව වෙඩි තියලා මැරුවා. විශාල ප‍්‍රමාණයකට තුවාල වුණා. ඒ වෙලාවේ මොකද වුණේ. එතකොට පොලිස්පති මහින්ද බාලසූරිය. එයාට වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න කිව්වා. එයා ඉල්ලා අස්වුණා. ඊට පස්සේ එයාව බ‍්‍රසීලයේ තානාපති කරලා යැව්වා. ජනාධිපති ඡුන්දය එනකොට ඔහුව ලංකාවට ගෙනල්ලා පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් තනතුර දුන්නා.
එහෙමයි රාජපක්ෂලා රට පාලනය කළේ. එනිසා නැවත රාජපක්ෂලා කැඳවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපේක්ෂාවෙන් නම්, ඒක කරන්න එපා. අනෙක් පැත්තෙන් මහජන දේපොළ විශාල වශයෙන් වංචාවෙන් ගත් බව ඒගොල්ලන්ගේම සමීපතමයෝ දැන් එළිකරමින් තිබෙනවා. අද සජින් වාස් ගුණවර්ධන මොකද කියන්නේ? ශ‍්‍රැංගිලා එකට ඉඩම දෙනකොට ඩොලර් මිලියන 5 ක් ලැබුණා. ඒ මුදලින් ක‍්‍රීඩා නාලිකාව දැම්මා. එකෙන් තමයි තංගල්ලේ ‘බේ’ හෝටලය මිලදී ගත්තේ කියලා. 2015 වෙනකල් ඒ හෝටලය හදමින් තිබුණා. දැන් ඒක නවත්වලා තිබෙන්නේ. මුදිතා ජයකොඩි ගෘහ නිර්මාණ ශිල්පියා ඔහු කවුද? ඊයේ පෙරේදා විවෘත කරපු හමුදා මූලස්ථානයේ ගෘහ නිර්මාණ ශිල්පියා. ඒක හදන්න ආසන්න වශයෙන් බිලියන 64 ක් වැයවෙලා තිබෙනවා. අරයගේ ගෘහ නිර්මාණ ශිල්පී ගාස්තුව 1% ක ඉක්මවා තිබෙනවා. එක තනි පුද්ගලයෙක් වෙච්ච ගෘහ නිර්මාණ ශිල්පියාට පමණක් කෝටි 100 ට ආසන්න මුදලක් ලබාදී තිබෙනවා. එයා කටඋත්තරයේදී කියනවා ඒ කෝටි 100 න් තමයි බැසිල්ට ගේ අරන් දුන්නේ කියලා. මේවා කියන්නේ ඒ ගොල්ලන්ගේම අය. එ.ජා.ප. - පොහොට්ටුව පැති දෙකේම ඒ වගේ ¥ෂිතයෝ හා පල්හොරු තමයි ඉන්නේ.
මේ රටේ දරුවන්ගේ වගකීම අපේ පාලනයක් යටතේ රජය භාරගන්නවා. තරුණයන්ගේ ජීවිත හා අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම අපි ගන්නා බවට සහතික වෙනවා. වැඩිහිටි පරම්පරාව බලා ගැනීමත් සමාජ වගකීමක්. ඒකත් අපේ ආණ්ඩුවක් යටතේ අපි භාර ගන්නවා. තමන්ගේ දරුවන්ගේ රැුකවරණය ලැබීමට අවස්ථාවක් නැති, හැම අම්මා, තාත්තාම රැුකවරණය ආදරය ලෙන්ගතුකම නොඅඩුව ලබාදෙමින් ඔවුන්ව බලාගන්නා වැඩිහිටි මධ්‍යස්ථාන අප රට තුළ පිහිටුවනවා. ආණ්ඩු හදන්න ඕනෑ දරුවන්, තරුණයන්, වැඩිහිටියන් සුරක්ෂිතව බලාගන්න. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. එසේ කිරීමට සමත්, එසේ කරන බවට විශ්වාසය තැබිය හැකි එකම එක බලවේගයයි මේ රටේ තිබෙන්නේ. ඒ ජාතික ජන බලවේගයයි. එනිසා මේ 16 වැනිදා ඔබේ ඡුන්දය මාලිමාව ඉදිරියේ සලකුණු කොට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාව ජයග‍්‍රහණය කරවන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

0 Comments