වීදියේ ගී ගයමින් සමාජ මාධ්‍යයෙන් ලෝකයේම ආදරය දිනා ගත් රානු මොන්ඩාල්, උද්දච්ච හැසිරීමෙන් අනගි අවස්ථාවක් අහිමි කර ගනී
විදි ගායිකාවක් ලෙස ප්රසිද්ධියට පත් වූ රානු මොන්ඩාල් මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා බොහෝ දෙනෙකු දන්නා අඳුනන නවක ගායිකාවක්.ජනප්රිය චිත්රපට පසුබිම් ගායකයෙක් මෙන්ම සංගීත අධ්යක්ෂවරයෙකු ලෙසද කටයුතු හිමේෂ් රශ්මියාගේ මඟ පෙන්වීම මත රානු ගායිකාවක් බවට පත් වූ බව රහසක් නොවෙයි.කෙසේ වෙතත්, පසුගියදා රානු සිය රසිකයෙකුට කළ ක්රියාවක් නිසා හිමේෂ් රෂ්මියා ඇය ගැන බොහෝ සෙයින් කළකිරි ඇති බවයි වාර්තා වන්නේ.රානුට කැමැත්තක් දක්වන කාන්තාවක් ඇය සමගින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට පැමිණි අවස්ථාවේදී රානු අනවශ්රතිචාර දක්වමින් ඇයව ඉවත් කොට තිබෙනවා.එය අසල තිබුණ කැමරාවක සටහන්ව තිබු අතර, එය මේ වනවිට අන්තර්ජාලය පුරා සංසරණය වනවා.මේ නිසාම හිමේෂ් රාණුට ලබා දෙන්නට තිරණය කර තිබු ගීතය මේ වනවිට කුමාර් සානුගේ දියණියට ලබාදී ඇති බවද වාර්තා වනවා.සමාජ මාධ්ය කැළඹූ එම වීඩියෝව පහතින් බලන්න...
0 Comments