රටේ විශාල වශයෙන් ඇති වී තිබෙන දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට තමන් සහතික වන්නේ යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මේ ඉදිරිපත් කර තිබෙන්නේ ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ හැකි වැඩසටහනක් මිස පොරොන්දු පමණක් නොවන බවත්, ඒ සියලූ පොරොන්දු තම ධුර කාලයේදී අනිවාර්යයෙන්ම ඉටුකරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒ වගේම කිසිම අන්තවාදී ත‍්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට නොබියව වැඩ කිරීමට අවස්ථාව ලබාදී රටේ බිඳ වැටී තිබෙන ජාතික ආරක්ෂාව යළි ඇති කරන බව ද පැවසීය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අත්තනගල්ල, ගණේමුල්ල ප‍්‍රදේශවල පෙරේදා (02 දා) පැවැති ජනාධිපතිවරණ ජනරැුලිවලට එක්වෙමිනි