නව ජනපති පත්වීමත් සමග කාත්තන්කුඩි යතුරුපැදිකරුවන්ට හෙල්මට් මතක්වෙලා
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග නැගෙනහිර කාත්තන්කුඩි ප‍්‍රදේශයේ බොහෝ යතුරුපැදිකරුවන් හෙල්මට් පැලඳ යතුරුපැදි ධාවනයට උනන්දුවක් දක්වන බව වාර්තා වේ.මෙතෙක් කාලයක් ඔවුන් එම ප‍්‍රදේශයේ යතුරුපැදි ධාවනය කළේ හෙල්මට් පලඳින්නේ නැතිවය. ඒ සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ගිය නිලධාරීන්ට ද ඔවූහු තර්ජනය කළහ.මේ දිනවල ප‍්‍රදේශයේ යතුරුපැදිකරුවන් හෙල්මට් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව මේ සම්බන්ධව අදහස් දක්වමින් කාත්තන්කුඩි ප‍්‍රදේශවාසීහු පිරිසක් සඳහන් කළහ.
0 Comments