හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට (18 වැනිදා) යෙදී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ඒ මහතාගේ සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය යෙදී ඇති අද දිවුරුම් දීම විශේෂත්වයකි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් අද පෙරවරු 5.00 ට නාරාහේන්පිට අභයාරාමයේදී කිරි අම්මාවරුන්ට දානයක් පිරිනැමීමට නියමිතය. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අභිනව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය වෙත යෑමට නියමිතය.
එසේම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් පවුල්වල දරුවන් දහසකට අධික ප්‍රමාණයකට ආහාරපාන හා පාසල් උපකරණ බෙදාදීමද සිදුකෙරේ.

0 Comments