රණවිරු දඩයම ගැන ගෝඨාගෙන් සැර උත්තරයක්

රණවිරුවන් ‍නිදහස් කිරීම සම්බන්ධයෙන් තමාට ඇති චෝදනා පිළිබඳ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුවරට අද දෙරණ ඔස්සේ සිය අදහස් පළ කර සිටියේය.
ඒ ඊයේ (11) රාත්‍රීයේ විකාශය වු ‍360 සජීවි වැඩසටහන සමඟ එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය මහතා කියා සිටියේ, රටේ නීතිය යනු දේශපාලන අවශ්‍යතාවලට බොරු චෝදනා නැඟීම‍ නොවන බවයි.
යම් යම් හේතුන් මත විදෙස් රාජ්‍යයන් කීපයක් මානුෂීය මෙහෙයුමට විරෝධය දැක්වු බවත් පැවසු ගෝඨාභය මහතා, වත්මන් ආණ්ඩුව ඔවුන්ට අවශ්‍ය ‍දේ සිදු කිරීමට මේ සියල්ල කළ බවත් පැවසීය.
බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් වැරදි දේ කළ බවට ‍වත්මන් ආණ්ඩුව විසින් චෝදනා නඟන බවත් පැවසු රාජපක්ෂ මහතා, නාවික හමුදාපතිවරයා පවා අභූත චෝදනාවකට සිරගත කිරිමට උත්සහ දැරූ බවත් කියා සිටියේය.
නඟන ලද චෝදනා සියල්ල තමා දන්නා බවත් කියා සිටි ගෝඨාභය මහතා ඒ සියල්ල නිර්මාණය කරන ලද බවත් එවැනි පුද්ගලයින් නිදහස් නොකර සිරගත කරන්න යැයි පවසනවා දැයි අසා සිටියේය.
පොලිස්පතිවරයා විසින්ම නීතිය නවන බව පැවසු බවත් කියා සිටි ඒ මහතා‍,නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුම දේශපාලනික අවශ්‍යතා මත මේ සියල්ල සිදු කළ බව පිළිගත් බවත් පැවසීය.
අනතුරුව FCID එකේ ප්‍රධානියා පැමිණ ඔහුට බලපෑම් සිදු කළ නිසා ඇතැම් කටයුතු කල බව පිළිගත් බවත් කියා සිටි ගෝඨාභය මහතා, එය නීතිය ද යන්න ප්‍රශ්න කර සිටියේය.
නීතියේ ආධිපත්‍ය එය ද යනුවෙන් ප්‍රශ්න කර සිටි ගෝඨාභය මහතා අද වන විට නීතියේ ආධිපත්‍ය යනු අනෙක් පුද්ගලයා සිරගත කිරීම බවද පැවසීය.
දේශපාලනික නායකයින්ට එකතු වී පුද්ගලයින්ට නඩු දැමිය හැකි දැයි අසා සිටි රාජපක්ෂ මහතා, එය නීතියේ ආධිපත්‍ය දැයි විමසා සිටියේය.
එනිසා ඔවුන් එවැනි දේ සිදු කරන විට බොරු චෝදනාවලට ලක් කළ පුද්ගලයින් නිදහස් නොකර වෙන කිරිමට දෙයක් නොමැති බවත් ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments