ආබාධිත පුද්ගලයින්ට ගෝඨාභයගෙන් සහතිකයක්

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සකස් කර ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ඇති සියලුම නීති තමාගේ රජයක් තුළ ක්‍රියාවට නංවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ ශ්‍රි ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තබමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රි ලංකා සහකම්පන සංවිධානය සහා ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ අද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තැබුවේය.
ඒ ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහායි.
මෙහිදී බ්‍රේල් ක‍්‍රමයට හා පටිගත ක‍්‍රමයට සකසන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම සංවිධානවලට පිළිගැන්විය. 
2007 වසරේ අත්සන් තබන ලද ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තිය  නීතිගත කර ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවද මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.  
පදික වේදිකා නිර්මාණය කිරීමේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික වන අයුරින් නිර්මාණය කිරීමටත්, ඒ සඳහා වූ විශේෂිත ගඩොල් වර්ගය ලංකාවට හඳුන්වා දීමත්, ආබාධිත පුද්ගලයින් සදහා උචිත අයුරින් පොදු වැසිකිළි සැකසිමත්, පොදු ස්ථානවලට ප‍්‍රවේශ පහසුකම් ඇති කිරීමත් සිදු වූයේ තමා නාගරික සංවර්ධන ලේකම් ධූරයේ වගකිම් ඉටුකරන සමයේ බවද රාජපක්ෂ මහතා සිහිපත් කලේය.
විශේෂයෙන් බේල් ක‍්‍රමයට ඡන්ද බලය භාවිතා කිරීමේ අයිතිවාසිකම ද ඉදිරියේදී හිමිකර දෙන බව ඒ මහතා එහිදී අවධාරණය කලේය. 

Post a Comment

0 Comments