ලොව පුරා රටවල් රැසකින් ගෝඨාභයට සුබ පැතුම්

හත්වෙනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් ට්විටර් පණිවිඩයන් නිකුත් කරමින් සුබ පැතුම් එක්කරමින් සිටියි.

දෙරට අතර පවතින සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කලාපීය ආරක්ෂාව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

පකිස්තාන ජනාධිපති අරින් අල්වි සහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහම් මොහොමද් සෝලි යන මහත්වරු නව ආණ්ඩුව සමග ඉතා සමීපව හා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරන බව සිය ට්විටර් පණිවිඩවල සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩ එක්කර ඇත.

Post a Comment

0 Comments