වැඩිහිටි පරපුර සඳහා ලබාදෙන රුපියල් දෙදහසක දීමනාව රුපියල් තුන්දහස දක්වා වැඩිකරන බවත් ඔවුන් සුරැුකීම සඳහා විශේෂ සමාජ ආරක්‍ෂණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර කළගුණ දක්වන බවත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අඩංගු සියලූම යෝජනා 16 වැනිදායින් පසුව මහ පොළවේ ක‍්‍රියාත්මක කරන බවත් අත දිගහැර මුදල් වියදම් කර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන මුද්‍රණය කරන්න කෝටි ප‍්‍රකෝටි ගණන් ගසා කාපු මුදල් තමා ළ`ග නැති බවත් ඒ මහතා කීවේය.
සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජාතික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක ඒකකයක් පිහිටුවන බවත් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කර්මාන්තපුර වැඩසටහන, තාක්‍ෂණික විiාල, නොමිලේ පොහොර, ජනසවිය, සමෘද්ධි, පාසල් දරුවන්ට දිවා ආහාර, නිල ඇඳුම්, සපත්තු බෙදා දීම වැනි වැඩසටහන් නිසි පරිදි ක‍්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න දිනපතා එම ඒකකයේ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ සොයා බලන බවත් මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් සිදු නොකළ සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය ලබාදී ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට අතහිත දෙන අතර වෙළෙඳාම් කටයුතුවල සහ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ප‍්‍රජාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීම තුළින් තවත් රැුකියා අවස්ථා බිහිකර ගමේ තරුණ තරුණියන්ගේ රැුකියා ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ පැවැති ජනහමු කිහිපයකට එක්වෙමිනි.
0 Comments