ප‍්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමීව නොවැම්බර් මස 27 වැනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහවිරු දිනය සැමරීම සඳහා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ යාපනයේ, කෝපායි ප‍්‍රදේශයේ ඉඩමක් ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු ඉකුත්දා ආරම්භ කොට තිබිණ.
සෑම වසරකම යාපනයේ කෝපායි ප‍්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ. මහවිරු උළෙල පැවැත්වෙන අතර යුද සමයේදී මේ ප‍්‍රදේශයේ විශාල එල්.ටී.ටී.ඊ. සොහොනක්ද ඉදිකර තිබිණි.
මේ සඳහා එම පක්ෂයේ ලේකම්වරයා සහ පාක්ෂිකයන් කීප දෙනකු සහභාගී වී සිටි අන්දම ඡුායාරූපයේ දැක්වේ.
0 Comments