පාසල් සිසු සිසුවියන්ට වෘත්තීය නිපුණත්වයක් ලැබෙන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කරනවා



විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමයක් වෙනුවට සෑම පාසල් සිසු සිසුවියකටම වෘත්තීය නිපුණත්වයක් ලැබෙන පරිදි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

 ‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ඊයේ (12 දා* මිනුවන්ගොඩ සහ වෙන්නප්පුව යන ප‍්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
 
 අපේ වැඩපිළිවෙළ මේ රටේ බුද්ධිමතුන්, උගතුන් විසින් සකස් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්. ගම සමග පිළිසඳරක් තුළින් ද ජනතාවගේ යෝජනා තිබෙනවා. අපේ එම ප‍්‍රායෝගික වැඩපිළිවෙළ සිය ධුර කාලය අවසන් වීමට පෙර අවසන් කරනවා. ¥ දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ප‍්‍රතිපත්තියක්. නැවතත් ත‍්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. මේ රජය බලයට ආවාට පසුව රටේ ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. විදේශීය බලපෑම්වලට යටවූ ඇමැති මණ්ඩලයක් සිටින්නේ.
 
 එදා මානුෂීය මෙහෙයුමට විරුද්ධ වූ, රණවිරුවන්ට එරෙහි වූ ඇමැති මණ්ඩලයක් තිබෙන්නේ. බුද්ධි අංශය රටේ අනතුරු හෙළිකර ගන්න කණ්ඩායමක්. බුද්ධි අංශ අඩපණ කළා. රටට සාමය ගේන්න කටයුතු, පාතාලය නැති කළ රණවිරුවන්ට එරෙහිව පරීක්‍ෂණ කළා. රටක බුද්ධි අංශයක් බිඳදැම්මාම කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. පාස්කු ප‍්‍රහාරය එල්ල වුණේ එවැනි පසුබිමකයි. අපේ රජයක් තුළින් නැවතත් ආරක්‍ෂක අංශ, බුද්ධි අංශ ශක්තිමත් කරලා සුරක්‍ෂිත රටක් බවට පත් කරන බවට පොරොන්දු වෙනවා.
 
 යුද්ධය අවසන් කිරීමෙන් පසු රට සංවර්ධනය කරන්න පටන් ගත්තා. ආයෝජකයන් රටට ආවා. ගුවන්තොටුපළ, වරාය, කාපට් මාර්ග ඇති කළා. අධිවේගී මාර්ග හැදුවා. දුම්රිය මාර්ග හදන්න කටයුතු කළා. මේ අය බලයට ආවාට පසුව සියලූම ව්‍යාපෘති නතර කළා. ලක්‍ෂ හතරකට වඩා
 
 රැුකියා අහිමි වුණා. අ¥රදර්ශී පාලනය මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළා. මේ අයට පැහැදිලි සැලැස්මක් නැහැ. අපට රට ගොඩනඟන පැහැදිලි සැලැස්මක් තිබෙනවා.
 
 අපි හැමදාම කෘෂිකර්මාන්තයට ප‍්‍රමුඛත්වයක් දුන්නා. කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙන යෑමට පොහොර සහනාධාරය දුන්නා. ඉදිරියේදී පොහොර නොමිලේ ලබාදෙනවා. ණය කපා හරිනවා. පොහොර කළමනාකරණය තුළින් ගොවීන්ට වැඩි අස්වැන්නක් ලබාගත හැකි ක‍්‍රම හඳුන්වා දෙනවා. ගොවියා දුප්පත්කමෙන් ඉහළට ගන්න සැලසුම් සකස් කර තිබෙනවා. වැවිලි කර්මාන්තවලින් වසර ගණනාවක්ම විශාල විදේශ විනිමයක් ලබාගත්තා.
 
 අද වැවිලි කර්මාන්තය කඩාවැටිලා. තේ ගොවියා, කර්මාන්ත ශාලා කඩාවැටිලා. බාල තේ පිටරටවලින් ගෙනැත් අපේ හොඳ තේ පිටරට යැව්වා. අපි තේ කර්මාන්තය නැවතත් බිලියන 10 ක කර්මාන්තයක් බවට පත් කරනවා. ගුණාත්මක තේ පමණක් පිටරටට යවන්න කටයුතු කරනවා. සිලෝන් තේ නාමය නැවතත් ලෝකයේ ප‍්‍රචලිත කරන්න ක‍්‍රියා කරනවා.
 
 රබර් ආශ‍්‍රිත කර්මාන්ත ඇති කරන්න දිරිගන්වන්නට අවශ්‍යයි. පොල් කර්මාන්තය හරහා පොල් වතුරවලට, පොල් තෙල්වලට, කොහුවලට විශාල ඉල්ලූමක් තිබෙනවා. වැවිලි කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
 
 ගම්මිරිස්වලින් විශාල අදායමක් ලැබුවා. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ට බාල ගම්මිරිස් පිටරටින් ගෙන්වන්න මේ රජය කටයුතු කළා. ගම්මිරිස් ගොවීන් අසරණ වෙලා. කුරුඳු වගාව දියුණු කරනවා. රජයක් මේවා තමයි කරන්න ඕන.
 
 අද ලෝකයේ තාක්‍ෂණය මුල්කරගෙන ආර්ථිකය
 
 ගොඩනඟාගන තිබෙනවා. අප තරුණ තරුණියන් මේ ක්‍ෂේත‍්‍රයට යොමු කළ යුතුයි. කෙටි කාලීන පුහුණුවක් දීලා පරිගණක, තොරතුරු තාක්‍ෂණය ඔස්සේ රැුකියා අවස්ථා බිහි කරන්න පුළුවන්. ඒ සඳහා ව්‍යවසායකයන් බිහි කරන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ද මැදිහත් වීමෙන් මේ පුහුණුව ලබාදෙන්න පුළුවන්. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් යොමු කර තිබෙනවා. බුද්ධිය මුල් වූ කේන්ද්‍රස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කරනවා. තොරතුරු තාක්‍ෂණ, කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. අද ලක්‍ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ තිස්දහසක් පමණයි. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි උසස් පෙළ සමත් වන සියලූම දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරනවා. සෑම තරුණ තරුණියකට වෘත්තීය නිපුණත්වයක් ලබාදිය යුතුයි. සෑම ක්‍ෂේත‍්‍රයටම නිපුණත්වයක් අවශ්‍යයි. නිපුණත්වයක් සහිත අයට ලෝකයේ බොහෝ රැුකියා අවස්ථා තිබෙනවා.
 
 ගුරුවරුන් වෙනුවෙන් තිබෙන විද්‍යා පීඨ උපාධි ලබාදෙන විද්‍යා පීඨ බවට පත් කරනවා. මේ සඳහා පාඨමාලා පමණයි අවශ්‍ය වෙන්නේ. ඉංග‍්‍රී‍්‍රසි සහ ගණිත අධ්‍යාපනය සෑම දරුවකුට ලබාදීම අවශ්‍යතාවක්. විවිධ අංශවලින් නිපුණත්වයක් ලැබිය හැකි අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කරනවා. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පත් කරගත යුතුයි. රටේ තිබෙන ජීවන බර දරා
 
 ගන්නට බැරි තරමට ජීවන වියදම ඉහළ ගිහින්. සුදුසුකම් සහිත සමෘද්ධිලාභීන් වෙනුවෙන් නොමිලේ වියළි සලාක ලබා දෙන්න කටයුතු කරනවා.
 
 මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලි, ජල, ගෑස්වලට සහන ලබා දෙනවා. නිවාස නොමැති රණවිරුවන්ට, අඩු ආදායම්ලාභී පැල්පත්වාසීන්ට මහල් නිවාස හැදුවා. රාජ්‍ය සේවකයාට නිවසක් ඉදිකිරීම අපහසු වෙලා තිබෙනවා. ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට ක‍්‍රමවේදයක් සකස් කරනවා. සෑම ක්‍ෂේත‍්‍රයක් ගැනම අධ්‍යයනය කරලා තමයි අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි වැඩක් කළ කණ්ඩායමක්. අභියෝග වගකීම් භාරගත්තා. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, මම මගේ යුතුකම ඉටු කරනවා.
 
 හිටපු ජනාධිපති, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා -
 
 දේශපාලනය, රටේ තත්ත්වය ගැන හොඳට දන්න ජනතාවක් තමයි ගම්පහ ඉන්නෙ. එදා චන්ද්‍රිකා යාපනයට ගිහින් මිස්ටර් ප‍්‍රභාකරන් කිව්වා. අද ප‍්‍රභාකරන් සර් කියනවා. ඡුන්දය ගන්න මේවා කියන එක ඉතා කනගාටුදායක තත්ත්වයක්. ගෝඨාභය මහතා සිය පැහැදිලි ප‍්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළා.
 
 ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා මොනවද කියන්නෙ. හිස දන්දෙනවලූ. සිරිසඟබෝ හිස දන් දුන්නාම රජ වුණේ ගෝඨාභයයි. ඔහුට ඉතිහාසයත් උගන්වන්න වෙනවා. අනවශ්‍ය කතා කියනවා. ඔහු රටේ පහළ තලයටයි කතා කරන්නෙ කියලා හිතනවා. ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්.
 
 මේ අය හොරා හොරා කියනවා. පිකට් පොකට් කෑ කෙනා හොරා හොරා කිය කිය දුවනවා වගේ තමයි මේ අයගේ වැඩ. මහ බැංකුව හොරා කෑවා. මේ හොරකම එසේ මෙසේ හොරකමක් නෙමෙයි. මහ බැංකු වංචාවට සම්බන්ධ ඉහළ සිට පහළ දක්වා සෑම කෙනෙකුටම එරෙහිව කටයුතු කරනවා.
 
 අපි වරාය, ගුවන්තොටුපළ හැදුවා. නොරොච්චෝලේ හැදුවා. ඒක හැදුවේ නැතිනම් නියඟයේදී විදුලිය දෙන්න බැහැ. මොවුන් අපි හදපු වරාය කිසි තැකීමක් නැතිව විකුණා දැම්මා. අපට අපහාස කරන්න මත්තල වී ගබඩා කළා. දැන් ජනාධිපති කොමිසමෙන් මත්තල ගුවන්තොටුපළට වෙච්ච අලාභය ගණන් හදලා තිබෙනවා. මොවුන්ට දඬුවම් කළ යුතුයි කියා ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා.
 
 එදා රට සහල්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. මොවුන් අක්කර ගණනක් පුරන් කරලා දැම්මා. පොහොර සහනාධාරය කප්පාදු කළා. පොහොර සහනාධාරය දුන් නිසා තමයි රට සහල්වලින් ස්වයංපෝෂිත වුණේ. රටේ ජනාධිපති අපේක්‍ෂකයෝ හිටියා. නමුත් ඒ කවුරුත් රටේ ජනතාව
 
 රැුවට්ටුවේ නැහැ.
 
 සජිත් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සිංහලෙන් එක විදිහකටත්, දෙමළෙන් තව විදිහකටත් සකස් කරලා තිබෙනවා. කාවද මේ රවට්ටන්නේ. මේ වෙලාවේ තමයි අත්තනගල්ලේ නෝනා කරන දේ ගැන දැන් අපට තේරෙනවා. කිසිම කෙනෙක් මේ විදිහට ජනතාව
 
 රැුවැට්ටුවේ නැහැ. දරුවන් නොමැති මවුවරුන්ට නොමිලේ නළ තාක්‍ෂණය ඔස්සේ දරුවන් බිහි කරදීමට කටයුතු කරනවා.
 
 අතුරලියේ රතන හිමි -
 
 මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. රනිල් සජිත් ආවොත් රටේ මැජික් පෙන්වනවා වගේ ගොඩනඟන්න පුළුවන් කිව්වා. හොරණ ටයර් සමාගමක් දානවා කිව්වා. කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් හදනවා කිව්වා. පට්ටපල් බොරු. දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවනවා වෙනුවට ආනයනය කරන නිෂ්පාදනවල බදු නැති කළා. සිංගප්පූරුවේ කසළ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මේ අය ගිවිසුම් අත්සන් කළා. මේ විදිහට තමයි මොවුන් කටයුතු කළේ.
 
 සංචාරක කර්මාන්තය කඩාවැටිලා. වැඩිම මුදලක් ලැබුණේ සංචාරක කර්මාන්තයෙන්. ඉදිරියේදී සංචාරක කර්මාන්තය දියුණු කරමින් ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවනවා. මේ තක්කඩි ආණ්ඩුව පොල් වගාව විනාශ කරමින් කටුපොල් වගාවට ඉඩ ලබා දුන්නා. ආනයනය අපනයනය විධිමත් කිරීම තුළින් රට දියුණු කළ හැකියි. සහල් නිෂ්පාදනයට අදාළව යෝධ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කරනවා. රට සංවර්ධනය කරන්න පුළුවන් අපේ භූමිය ඇමෙරිකානු
 
 සමාගම්වලට විකුණන්න තීරණය කරලා තිබෙනවා.
 
 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා - මේ අවසන් දින කිහිපයේ පච කිහිපයක් රටට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා සිටිනවා. පරගැති ආණ්ඩුවේ පචවලට ජනතාව අන්දවන්න බැහැ. 16 වැනිදා උදේට කියනවා ගෝඨාභය මහතාට හදිසියේ හෘදයාබාධයක් හැදිලා රෝහල්ගත කරලා කියලා. මොන පච ගැහුවත් ගෝඨාභය මහතාගේ ජයග‍්‍රහණය නතර කරන්න කාටවත් බැහැ. 16 වැනිදාට තිබෙන්නේ පක්‍ෂ අතර සටනක් නෙමෙයි. මවුපොළොව බේරා ගැනීමේ සටනක් තිබෙන්නෙ. පරගැති හවුල එළවන දිනය 16 වැනිදා. ස්වදේශිකයා අතේ අපේ රට අද නැහැ.
 
 පුතාණෝ කියනවා පිටරට නැවෙන්නේ නැතිලූ. ඒ වුණාට එම්. සී. සී. ගිවිසුමට අත්සන් කරන්න එකඟයි. රට තුළ හදිසි තත්ත්වයක් හදන්න අන්තවාදයක් හදන්න මේ අය උත්සාහ කළා. හදිසි අවස්ථාවකදී පමණයි ඇමෙරිකානු හමුදාවට මෙරටට එන්න පුළුවන්. ඒකට තමයි 2015 දී මේ යහපාලන රජය පත්කර ගත්තෙ. සජිත් දැන් මීගමුවට ගිහින් කියනවා පාස්කු ප‍්‍රහාරයට සොරි හොඳේ කියලා. ජනතාව තැනින් තැන මරා දැමූ බව මේ අය පිළිඅරන් ඉවරයි. අපරාධකරුවන් සියලූ දෙනාටම එකට තියලා ගෙදර යවන්න 16 වැනිදා මේ රටේ ජනතාව සූදානම්.
 
 පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා -
 
 හරියටම තව දවස් පහකින් මේ රට පාලනය කරන්නේ අපේ ජනපති ගෝඨාභය මහතායි. පරගැති, වැඩබැරි හොරුපිරි ආණ්ඩුව ගෙදර යවන්න රටේ ජනතාව බලාගෙන සිටිනවා. අද වනවිට එජාපය පරාජය භාරඅරන් ඉවරයි. එක ඇමැතිවරයෙක් සජිත්ගේ වේදිකාවේ නැහැ. ළපටි බට්ටෝ ටිකක් විතරයි ඉන්නේ. ඇමැතිවරු බඩු මුට්ටු පැක් කරනවා. ලිපිගොනු පුච්චනවා. මෙතෙක් රටට කළ විනාශය නිසා එජාපයට හාල් කැවිලා. මේ ආණ්ඩුව මුකුත් කළේ නැහැ කියලා අපි නෙමෙයි කියන්නේ. ආණ්ඩුවේම අයම තමයි කියන්නේ. පරාජයේ වියරුව නිසා දැන් මඩ සතිය ක‍්‍රියාත්මක වෙනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා -
 
 මේ ජනාධිපතිවරණය රටට තීරණාත්මකයි. මුළු රටේම ජනතාව බලාපොරොත්තු වන ගෝඨාභය මහතා 17 වැනිදා ජනාධිපති වෙනවා. ලක්‍ෂ 15 කට වැඩි ඡුන්දයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය දිනවනවා. එදා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුණාම නැවත දේශපාලනයට ගේන්න ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනතාව කැපවීමෙන් කටයුතු කළා. 2015 දී ගම්පහ දිස්ත‍්‍රික්කය ඡුන්ද පන්දහසකින් පරාජය වුණා. ඒ නිසා ඒකෙ පාඩුව 2019 දී ගත යුතුයි.
 
 මහින්ද - ගෝඨා සුසංයෝගය ත‍්‍රස්තවාදය තුරන් කරලා සියලූම දෙනාට සාමයෙන් ජීවත් වූ වාතාවරණය සකස් කර දුන්නා. එදා ඒ වගකීම ඉටු කළා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට රට ගොඩනඟන්න කැපවුණා. කොළඹ නගරය ආසියාවේ තිබෙන හොඳම නගරය බවට පත් කරගන්න කටයුතු කළා. ඔබේ වටිනා ඡුන්දය 16 වැනිදාට භාවිත කරලා නිවැරදි තීන්දුවක් ගන්න. රටේ ජනතාව පොහොට්ටුවට ගහන කතිරය රට සුරක්‍ෂිත කරන කතිරයක්.
 
 පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ හා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල් යන මහත්වරු ද කතා කළහ.

Post a Comment

0 Comments