අහෝසි කළ බදු

අහෝසි කළ බදු
1.) හර බද්ද කියන්නෙ උඹ උඹේ එකවුන්ට් එකෙන් 10,000ක් ගත්තොත් රුපියල් 5 ක්ද කොහෙද කපාගන්නවා.ඒක අහෝසියි.
2.) කොටස් වෙළෙඳපලේ ප්‍රාග්ධන ලාභ බද්ද කියන්නෙ, උඹ shares අඩුවට අරන් කාලයක් තියන් ඉඳල විකුණනකොට උඹ වැඩිපුර හම්බු කරන ලාභයෙන් කොටසක් කපා ගත්තා බදු විදිහට. ඒක නිදහස්
3.) සැලරි එකෙන් කැපෙන PAYE එක දැන් නෑ.
4.) සල්ලි FD දාලා තිබ්බොත් ඒකෙන් එන පොළියට දැන් ගහන්නෙ නෑ
5.) ඔය apartment වලට ගහන ටැක්ස් එක. මේක අයින් කරපු එක්ක පට්ට හොඳයි. මිනිස්සුන්ට අඩුවට නගර කිට්ටුව ඔක්කොම පහසුකම් තියෙන ගෙවල් ගන්න පුළුවන්. ලොකු ඉඩම් එළි කරන්න ඕනෙ නෑ
බදු සංශෝධන
1.) උඹ බිව්වත් බයිට් එකට වැට් ගහනවා. ඒක 8% දැන්.
ඒවගේම ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) දැන් නෑ
2.) උඹේ අවුරුද්දෙ සැලරි එකතුව හරි බිස්නස් ආදායම ලක්ශ 250ක් වෙනකල් උඹ බදු ගෙවන්න ඕනෙ නෑ. ඉස්සර තිබ්බෙ ලක්ශ 10යි. දැන් මේකෙන් ගොඩක් අය ජොබ්ම නැතුව බිස්නස් කරන්න බලනව. තියෙන සල්ලි ආයෝජන කරනව
3.) ගොඩක් local contractors ලා වැටුන 28% බද්දෙන්. එයාල NBT එක්ක ඔක්කොම 30% ගෙවන්නත් තිබ්බෙ ඒත් දැන් 14%. දැන් ඉදිකිරීම් පැත්තට මේක පට්ටම සිරා.
4.) ෆෝන් බිල් ඩේටා පියෝ ටීවී ඔක්කොම බිල් වලට ගහපු බදු වලින් 25%ක් අඩු කරනව.
5.) පිට රට අය මහන්සි වෙලා හම්බු කරල ගෙදරට එවන සල්ලි ටිකකත් යහපාලනයෙන් බදු ගැහුවා. ඒකත් නිදහස්

Post a Comment

0 Comments