රට පුරා පවතින ගෑස් හි`ගය අද (04 වැනිදා) වන විට බොහෝ දුරට ම`ගහැරී යනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා ‘දිවයින’ට ඊයේ (03 වැනිදා) පැවසීය.
මෙටි‍්‍රක් ටොන් 3500 ක ගෑස් සහිත නෞකාවක් ඊයේ ලංකාවට පැමිණි බවට ලිට්රෝ ගෑස් සමාගම තමා දැනුවත් කළ බවද ෆවුසර් මහතා කීවේය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.
‘ගෑස් හිගය නිසා ජනතාව විශාල අපහසුතාවට පත්වෙලා තිබෙනවා. කොහොම වුණත් අද ලංකාවට ගෑස් නැවක් ආවා කියලා ලිට්රෝ ගෑස් සමාගම මාව දැනුවත් කළා. කොහොමත් මේ ප‍්‍රශ්නය අද විසඳෙනවා.
රට පුරා ගෑස් හිගයක් පවතින අතර, මේ නිසා ගෑස් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.
සතියකට වැඩි කාලයක් තිස්සේ මෙම ගෑස් හිගය පවතියි.