රනිල් නොගියොත් සජිත්ගෙන් අලූත් පක්‍ෂයක් - හරීන් කියයි



රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොවුණහොත් තමා පක්ෂයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් බිහි කරන බව හිටපු ක‍්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එජාපයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැුසක් වෙනස් විය යුතු බව පැවසූ මන්ත‍්‍රීවරයා එසේ නොවුණහොත් තවදුරටත් එජාපයේ සිට දේශපාලනය කිරීමට තමා ඇතුළු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් සූදානම් නැති බවද කීවේය.

ජනාධිපතිවරණයෙන් ලද පරාජය සජිත් පේ‍්‍රමදාස මහතාගේ පරාජයක් ලෙස නොදකින බව ද පක්‍ෂයේම සිටින එක්තරා කණ්ඩායමක් නිසා ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට පරාජයට පත්වීමට සිදුවූ බවද හෙතෙම පැවසීය.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොදී කකුලෙන් ඇදපු අය නිසා මෙම පරාජය පිළිගන්න සිදුවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්‍ෂකත්වය ප‍්‍රමාද වී ලැබෙන විට ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වය ගම්වල දෙපාරක් ඇවිද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකර තිබුණු බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් අලූත් කණ්ඩායමක් සමඟ අලූත් ගමනක් යෑමට සජිත් පේ‍්‍රමදාස මහතා සූදානම් බවත් එම ගමන අද සිට ආරම්භ කරන බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments