කුවේට් සිට ගෝඨාට සහය දෙන්න විදෙස්ගත ලාංකිකයන් දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණෙමින් සිටියි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමිණියේය.
ඒ පොදුජන පෙරමුණු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කිරීම සඳහායි.
ඔස්ට්‍රෙලියාවේ මෙල්බන්හි සිටි ගායන ශිල්පි රනිල් මල්ලවආරච්චි මහතා ඊයේ පස්වරුවේ  UL 506 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.
අද උදෑසන කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් සිය මවුරටට පැමිණියේය.
UL 502 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණි කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාධ්‍යට අදහස් දක්වමින්  සඳහන් කළේ සිය යුතුකම ඉටුකිරීම සඳහා මෙරටට පැමිණි බවයි.









Post a Comment

0 Comments