ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනයක්‌ හඳුන්වා දෙනවා - ගෝඨාභය රාජපක්‍ෂ

වතින දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කර ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලනයක්‌ රටට හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව මුලා කිරීම නුසුදුසු බවත් ඒ මහතා රත්නපුර පැවැති ජනහමුවක්‌ අමතමින් සඳහන් කළේය.

ප්‍රතිපත්තිවලට පමණක්‌ තැනක්‌ දිය යුතු බවත්, එක`ග විය හැකි ප්‍රතිපත්තියක්‌ ඉදිරිපත් කරන පුද්ගලයකු වෙත්නම් ඔහුට සහාය ලබාදිය යුතු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

අනාගත වැඩපිළිවෙළ පිළිබඳව ඇතැමුන් සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තිබෙන බවත්, එමගින් බුද්ධිමත් ජනතාව

රැවටිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ආණ්‌ඩුවක වගකිව යුතු ඇමැති ධුරයක්‌ දරමින් සිටියදී නොකළ දේවල් ජනාධිපති වූ පසු කරනවා යෑයි පිළිගත නොහැකි බවත්, එය හුදෙක්‌ විහිළුවක්‌ බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments