දිස්ත්රික්ක 22 න් 16 ක් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ මාතරදී ඊයේ(10) පැවති ජනහමුවකදීයී.
බුද්ධි සේවාවන් විසින් දින පහකට පෙර රාජ්‍ය නායකයින්ට වාර්තාවක් ලබා දුන් බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පැවසීය.
එහි ඇති පරිච්ජේද 3 ක් ගැන තමා ඉතා වගකීමෙන් පවසන බවත් කියා සිටි ඒ මහතා, එහි පළමු පරිච්ජේදයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 16 ක ජය ගෝඨාභය මහතා සතු බව පෙන්වා දී ඇති බවයි.
ජනවාරි 8 වන දා මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපතිවරයා වුයේ ලංකාවේ දිස්‍ත්‍රික්ක 22න් 11 ක් ජය ලබා ගෙන බවත් පැවසු ඒ මහතා, දෙවන පරිච්ජේදයේ ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන මැතිවරණ දිස්ත්‍රික්ක 13 ක එකදු මැතිවරණ කොට්ඨාශයක හෝ ජයක් සජිත් ප්‍රේමදාස මහතාට හිමි නොවන බවත් පැවසීය.
එමෙන්ම තුන් වන පරිච්ජේදයේ මැතිවරණ කොට්ඨාශ 160 න් අනිවාර්යයෙන්ම 119 ක් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන බවත්, ඊට අමතරව කොට්ඨාශ 9 ක කරට කර සටනක් ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ මෙම කොට්ඨාශ 160 න් 72 ක් පමණක් ජය ගෙන බවත් පැවසු ඒ මහතා, ඒ නිසා ගෝඨාභයගේ ජයග්‍රහණය ගැන කිසිවෙකු සැකයක් තබා ගත යුතු නොවන බවත් පැවසීය.
0 Comments