පාර්ලිමේන්තුව විසුරුවනවාද නැද්ද තීරණයක් ගන්න විශේෂ පක්ෂ නායක හමුවක්
ජනපතිවරණයෙන් ලද ප්‍රතිඵල අනුව ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (20 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. 04 - පිටුවටඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයකට එළඹ ඇත.මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කර ඇති අතර ජනවරමට ගරුකර ආණ්ඩුව භාරදිය යුතු බවට ඇතැමුන් අදහස් දක්වා ඇත. නිල කාලය පවතින තෙක් ආණ්ඩුව පවත්වාගෙන යායුතු බව තවත් පිරිසකගේ මතය වී ඇත. එමෙන්ම හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට මන්ත්‍රීවරුන් රැසක් විරුද්ධ බවට මෙහිදී ප්‍රකාශ කළ බව ද එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින’ට පැවසීය.මෙහිදී එකඟතාවකට එළැඹීමට නොහැකි වූ නිසා හෙට පක්ෂ නායකයන් රැස්වී තීරණයක් ගැනීමට එකඟ වී තිබේ.
0 Comments