නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්

නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 නමක් කැලණියට වැඩම කර ඇති බව කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවසයි.
ගුප්ත විද්‍යා විශාරදවරයෙකු විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන් වහන්සේ වැඩම කිරීම සිදුව තිබේ.
ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි.
ඒ කැලණි ගං මුවදොර විසූ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුව බව ඉතිහාසයේ සඳහන් වෙයි.
එම ආරාධනයට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රාජ මහා විහාරය විසින් මනිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක් ආරම්භ කෙරෙයි.
එම පූජාව පවත්වනු ලබන්නේ ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා විසින්.
ඒ අනුව සෑම මසකම පළමු සෙනසුරාදා මෙම නානුමුර පූජාව පැවැත්වෙන්නේ බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන,විහාරස්ථානයේ පිහිටා ඇති "සිවුරු ගල" නම් මෙම ස්ථානයේදී.
ඒ අනුව ඉකුත් 9වැනිදා රාත්‍රී 10ට පමණ සිවුරුගල දී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා , තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබේ.
ඔහුගේ සහායට සිටි තොටුපළේ සේවකයින් දෙදෙනා තමන් දුටු දේ පැහැදිලි කළේය.
ඒ අනුව නා ලොවින් ලද බවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ තැන්පත් කෙරුණි.
මෙම සර්වඥ ධාතූන් වහන්සේ අද(12) මධ්‍යම රාත්‍රිය දක්වා සැදැහැවතුන්ගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කෙරෙයි.











Post a Comment

0 Comments