නව රජයෙන් කඩිනම් සහන පැකේජයක්- ගෝඨාභය රාජපක්‍ෂ

නව රජයෙන් කඩිනම් සහන පැකේජයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන තෙක් විශේෂිත අවධානය යොමුකළ යුතු ක්‍ෂේත‍්‍ර ගණනාවක් වෙනුවෙන්  මේ කඩිනම් සහන පැකේජය ලබාදෙන බවද ඒ මහතා පවසයි.

අඩු ආදායම්ලාභීන්, සාමාන්‍ය පොදු ජනතාව, දේශීය ව්‍යාපාරිකයා, උපාධිධාරීන් ආදී සෑම ක්‍ෂේත‍්‍රයකම පිරිස් ආවරණය වන පරිදි මෙම කඩිනම් සහන පැකේජය ලබාදෙන බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

වංචාව, දූෂණය හා නාස්තිය නවතා එයින් ඉතිරි කර ගන්නා මහජන මුදල්, තැලෙන පොඩිවන මිනිසුන්ගේ ජීවන බර සැහැල්ලූ කිරීමට යෙදවීමේ වැඩපිළිවෙළක්ද මේ අතරම පවතින බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් කීවේය.

නොච්චියාගමදී ඊයේ (10දා) පැවැති ජන රැුළියකට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments