වැසීගිය තේ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කර රජය මැදිහත් වීමෙන් සහන ලබාදී තේ කර්මාන්තය නැවත ගොඩනැ`ගීමට පියවර ගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාවික කර්මාන්තයේ නියෑලී සිටින දේශීය ව්‍යාපාරික ප්‍රජාව රැකගනිමින් නාවික කර්මාන්ත ක්‌ෂේත්‍රය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ දෙනියාය, මොරවක බස්‌නැවතුම්පළ අසල පැවැති ජනහමුවට එක්‌වෙමිනි.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත බණ්‌ඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මෙම ජන රැලියට එක්‌වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සජිත් ප්‍රේමදාස මහතා - පසුගිය කාලයේදී වැසී ගිය තේ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීම සඳහා රජය මැදිහත් වී මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. තේ කර්මාන්තයේ නැවත වගාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. නොමිලේ පොහොර ලබාදී, නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදී තේ කර්මාන්තය නැවත න`ගාසිටුවීමට පියවර ගන්නවා.
දෙනියාය ප්‍රදේශයට නව ක්‍රීඩාංගණයක් ඉදිකර දීමට කටයුතු කරනවා. ඇඳන් 600 කින් සමන්විත නව රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ප්‍රදේශයේ මාර්ග, පාලම් ඇතුළු සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම එළඹෙන 16 වැනිදායින් පසුව අප ආරම්භ කරනවා. යනුවෙන් ද පැවසීය.

0 Comments