වසන්ත සේනානායක ගෝඨාගේ වේදිකාවට

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පොළොන්නරුවේ පැවැත්වෙන ජන රැළියට සහභාගී වී ඇත.
පොළොන්නරුව, මෛත්‍රී ක්‍රිඩාංගනයේ දී මෙම රැළිය පැවැත්වෙන අතර මීට ටික වේලාවකට පෙර රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළේය.
එහිදී ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ වසන්ත සේනානායක මහතා ජනතාවගේ කර මතින් පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහය පල කළේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළේය.

Post a Comment

0 Comments