ෆේස්බුක් පුවත බොරු.... ජනාධිපති මාධ්‍ය අංශය කියයි


myt135ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡුාවක නිරත වූ බවත් පසුගිය පස් වසරක කාලය තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා කනගාටුව පළ කළ බවත් නොවැම්බර් 18 වැනිදා මේ සියලූ කරුණු ජනතාවට හෙළි කරන බව ජනාධිපතිවරයා පැවසූ බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ පළ වන ප‍්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

 එමෙන්ම කුමන පාර්ශ්වයක් විසින් හෝ මැතිවරණයේ අවසාන දින කිහිපය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප‍්‍රවෘත්ති නිර්මාණය කර ප‍්‍රචාරය කිරීමට කටයුතු කිරීම පිළිබඳව දැඩි කනගාටුව පළ කර සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Post a Comment

0 Comments