රටේ ආර්ථිකය නඟාසිටුවමින් දූෂණය වළක්වනවා.....

පවතින සංකීර්ණ බදු ක‍්‍රමය හේතුවෙන් රටේ ¥ෂණය ඉහළ ගොස් ඇති බවත්, සරල බදු ක‍්‍රමයක් ඇති කිරීම තුළින් රටේ ආර්ථිකය නඟාසිටුවමින් ¥ෂණය වැළැක්වීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 ‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ඊයේ (11 වැනිදා* මහනුවර, කුරුණෑගල සහ පුත්තලම යන ප‍්‍රදේශවල සංවිධානය කර තිබූ ජනහමු අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 රට හදන ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. රටේ විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සමඟ එකතු වෙලා සකස් කළේ. රටේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන ප‍්‍රායෝගික වැඩසටහනක්. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සියලූම කරුණු සිය ධුර කාලය තුළ විසඳනවා. ඒ වගේම ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේත් මහජනතාවගේ ද අදහස් ලබාගත්තා.
 
 ජනතාවගේ ආරක්‍ෂාව ගැන අපි එදා විශේෂ අවධානයක් යොමු කළා. ත‍්‍රස්තවාදයක් යළිත් ඇති නොවෙන තත්ත්වයකට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ආරක්‍ෂක අංශ ශක්තිමත් කරලා ආරක්‍ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. නමුත් මේ රජය බලයට ආවාට පසුව ආරක්‍ෂක සැලැස්ම දුර්වල කළා. විදේශීය රටවල්වලට, රාජ්‍ය නොවන සංවිධානවලට යටවන ඇමැති මණ්ඩලයක් සිටි නිසා රට ගැන ජනතාව ගැන හැඟීමක් තිබුණේ නැහැ.
 
 රටට නිදහස ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යෑමට විදේශීය රටවල් සමග ගිවිසුම් අත්සන් කළා. බුද්ධි අංශ නිලධාරීන් සිරගත කළා. බුද්ධි අංශය තමයි රටේ අනතුරු ගැන රජයට දැනුම් දුන්නේ. අපි එදා පොලිස්, ත‍්‍රිවිධ හමුදා ඒකාබද්ධ කරලා ශක්තිමත් බුද්ධි අංශයක් ස්ථාපිත කළා. පොලිසියේ ආයතන අපි එදා භාවිතා කළේ පාතාලය, ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන සොයන්නයි.
 
 අද මේ ගැටලූවලට විසඳුම් දෙන්නේ නැතිව මඩ ප‍්‍රචාර අරන් යනවා. අපි රටේ ආරක්‍ෂාව වෙනුවෙන් වැඩක් කළ කණ්ඩායමක්. එවැනි ත‍්‍රස්තවාදයකට යළිත් ඉඩ තියන්නේ නැහැ. යළිත් ආරක්‍ෂක අංශවලට බලය ලබාදී රට වෙනුවෙන් වැඩක් කිරීමට හැකි නීතිමය වාතාවරණය සකස් කරනවා. ආරක්‍ෂක අංශ දේශපාලන බලපෑම්වලින් නිදහස් කරනවා. එදා අපි රට සංවර්ධනය කිරීමට සමගාමීව විදේශීය ආයෝජකයන් මෙරටට ආවා.
 
 කොළඹ අද දක්නට ලැබෙන සියලූ සංවර්ධන ව්‍යාපෘති අපේ රජය යටතේ පැමිණි ව්‍යාපෘති. වරාය, ගුවන් තොටුපළ ඇතුළු කොළඹ නගරය සංවර්ධනය කළා. කොළඹ නගරය ආසියාවේ සීග‍්‍රයෙන් දියුණු වෙමින් පවතින නගරය බවට පත් කළා. කුරුණෑගල, මහනුවර නගර සංවර්ධන කරන්න අරමුදල් හොයා ගත්තත් අපිට ඒවා අවසන් කරන්න ලැබුණේ නැහැ. නමුත් මේ රජය කිසිම සංවර්ධන සැලැස්මක් අවසන් කළේ නැහැ.
 
 එදා ව්‍යාපෘති මේ අය නතර කළා. ආයෝජකයන් රටෙන් ගිය නිසා රටේ රැුකියා ලක්‍ෂ හතරක් පමණ අහිමි වුණා. ආණ්ඩුවට දැක්මක් තිබුණේ නැහැ. වැඩක් කළ හැකි කණ්ඩායමක් හිටියේ නැහැ. අපට වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් හිටියා. සුදුසු පුද්ගලයන් අදාළ තැන්වලට පත් කළා. රාජ්‍ය සේවකයන්ට අභූත චෝදනා එල්ල කරලා අධිකරණවලට රැුගෙන ගියා. මේ රජය රාජ්‍ය නිලධාරියාගේ මානසික තත්ත්වය කඩාබිඳ දැම්මා.
 
 අපි පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. තේ කර්මාන්තය කඩාවැටිලා. කර්මාන්ත ශාලා කඩාවැටිලා. අවුරුදු ගණනාවක් තිස්සේ විදේශ විනිමයක් ගත්තේ තේ කර්මාන්තයෙන්. අවාසනාවකට හොඳ තේ සමග කසළ තේ කලවම් කරලා අපේ සිලෝන් ටී නාමය කඩාවැටිලා. අපේ රජයක් යටතේ නැවතත් තේ කර්මාන්තය නඟා සිටුවනවා.
 
 රබර් පිටරටින් ගෙන්වනවා. ගස් ඉවත් කරනවා. නැවතත් රටේ රබර් කර්මාන්තය දියුණු කරනවා. ආනයනය කිරීම තහනම් කරනවා. පොල් ක්‍ෂේත‍්‍රය කඩාවැටිලා. ගම්මිරිස්, කුරුඳු, පුවක්, එනසාල් ක්‍ෂේත‍්‍රය කඩාවැටිලා. එදා විශාල විනිමයක් සොයා ගත් බෝග කඩාවැටිලා. වැවිලිකරුවන් අද අසරණ වෙලා. පිටරටින් ගම්මිරිස් ආනයනය කරන නිසා ගම්මිරිස් ගොවියා දුෂ්කරතාවකට ලක් වෙලා. අපේ රජයක් යටතේ ගම්මිරිස් ආනයනය නතර කරලා ගම්මිරිස් ගොවියා ශක්තිමත් කරනවා.
 
 රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න ගොවීන්ට නොමිලේ පොහොර ලබා දෙනවා. ගොවියා නඟාසිටුවීමට රක්‍ෂණ ක‍්‍රම ඇති කරනවා. දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවීමට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙනවා. ව්‍යාපාරිකයා නඟාසිටුවන්න සරල බදු ක‍්‍රමයක් ඇති කරනවා. අද තිබෙන්නේ සංකීර්ණ බදු ක‍්‍රමයක්. සංකීර්ණ බදු නිසා ¥ෂණ ඇති වෙලා. වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදනය, ආයෝජනය වැඩි කරලා රටේ ආර්ථිකය නගාසිටුවීමේ ආදායම වැඩි කළ හැකි සරල ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
 
 අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකර තිබෙනවා. රැුකියා නොමැතිකම හේතුවෙන් තරුණ තරුණියන් අසහනයකට පත් වෙලා. උසස් පෙළ සමත්වන සියලූම සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නවා. සෑම කෙනකුටම උපාධි ලබාදීමට අධ්‍යාපන ආයතන වැඩි කරනවා. ආචාර්ය මණ්ඩල, පාඨමාලා වැඩි කරනවා. තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීමට පවතින පාඨමාලා ක‍්‍රම වෙනස් කරනවා. ඔවුන් ආර්ථිකයට සම්බන්ධ කරගත හැකි ආකාරයේ පාඨමාලා හඳුන්වා දෙනවා.
 
 පරිගණක ක්‍ෂේත‍්‍රයේ විශාල රැුකියා අවස්ථා තිබෙනවා. ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදී රැුකියා අවස්ථා ලබා දෙන්න පුළුවන්. ඉන්දියාවේ, චීනයේ මෙවැනි අංශවලින් දියුණුයි. තොරතුරු තාක්‍ෂණික අංශයේ සමාගම්වලට නිපුණත්වයක් සහිත වෘත්තිකයන් අවශ්‍යයි. ඒ සඳහා ලක්‍ෂ තුනක ශ‍්‍රම බළකායක් අවශ්‍යයි. රාජ්‍ය පෞද්ගලික අංශ එකතු වෙලා මේ ගමන යා යුතුයි. පුහුණු අවස්ථා ලබාදීමේදී කලා, විද්‍යා කියලා අංශ බලන්න අවශ්‍ය නැහැ.
 
 ව්‍යාපාරිකයන් දිරිගන්වන්න සෑම ක්‍ෂේත‍්‍රයකම දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා දැක්මක් අවශ්‍යයි. වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් අපට ඉන්නවා. අපි අභියෝග භාරගත් කණ්ඩායමක්. අපි අභියෝග භාරගෙන සාර්ථකව නිම කර තිබෙනවා. ඉදිරි අභියෝගත් අපි ජයග‍්‍රහණය කරනවා. ඔබ සැම අපේක්‍ෂා කරන සෞභාග්‍යමත් රට ලබා දෙන බව පොරොන්දු වෙනවා.
 
 හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා -
 
 මහනුවර මාර්ගය පේරාදෙණිය දක්වා අපි හැදුවා. මේ මහා මාර්ග ඇමැතිවරයාට ඉතිරි ටික හදාගන්න බැරි වුණා. අඩුම තරමේ කිලෝමීටරයක්වත් හැදුවද? එහෙම ආණ්ඩුවකට රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද? මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්.
 
 අද ගම්මිරිස්වලට මිලක් නැහැ. බලයට ආ දවසෙම මහ බැංකු කොල්ලකෑවා. සාමසර කන්ද නායගියා. සාලාව හමුදා කඳවුර පිපිරුණා. නියඟයෙන් ගොවිතැන් විනාශ වුණා. කුණු කඳු නායගියා. සේනා දළඹුවා ඇවිත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
 
 ආණ්ඩුව බලයට ආ දවසේ සිටම එවැනි තත්ත්වයක් තිබුණේ. අපෙන් පළිගන්නයි බැලූවේ. ඔවුන් දේශාපලනය නෙමෙයි කළේ. මහනුවර අධිවේගී මාර්ගය හැදුවා නම් පැයෙන් එන්න තිබුණා. අධිවේගී මාර්ගයට මොකද වුණේ? ඒ සල්ලි කිරිඇල්ලගේ සාක්කුවේ. මහනුවර සුන්දර නගරයක් කරන්න තිබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ඇනහිටියා. අපි 16 න් පසුව මහනුවර නගරය උඩරට තිබෙන සුන්දර නගරයට පත් වෙනවා.
 
 ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. බදු බරින් මිරිකිලා. බදු බර අඩු කරන්න අපි කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ වගකීම තිබෙන්නේ ජනතාවටයි. ගෝඨාභය මහතා තම ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. අනෙක් අපේක්‍ෂකයා බොත්තම ඔබනවලූ. සුනඛයෙක් වෙලා පස්සෙන් එනවලූ. සුනඛයාට පිස්සු හැදුණොත් කොහොමද?
 
 ලෝකයේ අභිමානවත් ලෙස ජීවත් විය හැකි රටක් බිහි කිරීමේ මැතිවරණයක් තිබෙන්නේ. කවටයෙක් තෝරන ඡුන්දයක් නෙමෙයි තිබෙන්නේ. දැන් එතුමා තාත්තාගේ අඩි පාරේ යනවලූ. ඒ යුගයේ පේරාදෙණියේ පාළමෙන් කී දෙනෙක් පහළට දැම්මද? විශ්වවිද්‍යාල සිසුන් කී දෙනෙක් ඝාතනය කළාද? වධකාගාර යුගය කාටවත් අමතක නැහැ. කඩුගන්නාව, රන්දෙණිගල, සිල්වෙස්ටර් විද්‍යාලයීය ඇතුළු වධකාගාර අමතකද?
 
 අද තරුණ තරුණියන්ට ඒවා දන්නේ නැහැ. එවැනි යුගයකට යන්න අවශ්‍යද? ඔබේ අනාගතය පමණක් නොව, නූපන් දරුවාගේ අනාගතය වෙනුවෙන් රට බේරා ගැනීමේ වගකීම ඔබට තිබෙනවා. 16 වැනිදා නෙළුම් පොහොට්ටුවට ඡුන්දය දීලා ගෝඨාභය රටේ ජනාධිපති කරන්න. එදාට මුළු රටම, ජනතාවම දිනුම්.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි -
 
 විශාල ජනතාවක් ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කරවන්න සූදානමින් සිටින බව පේනවා. ඞී.එස්. සේනානායකලා රටේ පුනරුදයක් ඇති කරන්න කටයුතු කළා. නමුත් එදා තිබූ එජාපය නෙමෙයි අද තිබෙන්නේ. බටහිර බලවේග සමඟ එකතු වූ දේශද්‍රෝහී එජාපයක් අද තිබෙන්නේ. ගෝඨාභය මහතා දේශපාලනඥයෙක්, ඇමරිකානු පුරවැසියෙක් නෙමෙයි. එතුමා රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගත් ජාතික වීරයෙක්. රාජ්‍ය නිලධාරියෙක්.
 
 එතුමාට රට ගොඩනැඟිය හැකි දැක්මක් තිබෙනවා. දැන් මේ දේශද්‍රෝහී ආණ්ඩුව රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න හදනවා. කිසිම අවසරයකින් තොරව ඇමරිකාවේ ගුවන් යානාවලට, පුරවැසියන්ට මේ රටට එන්න පුළුවන්. එම්සීසී ගිවිසුම ඉතා බරපතළයි. මේ ගිවිසුමට අනුව ආණ්ඩුව යනු මුදල් අමාත්‍යාංශයයි. එදා සුද්දාගේ කන්ද උඩරට ගිවිසුමට වඩා බරපතළයි මේ ගිවිසුම.
 
 ඩොලර්වලට රට විකුණන සජිත් - රනිල් හවුල පරාජය කළ යුතුයි. මෙවැනි නීච නිවට ගිවිසුම් ලෝකයේ කිසිම රටක් අත්සන් කරලා නැහැ. ගෝඨාභය මහතා රටේ ජනාධිපති කරවන්න කටයුතු කරන්නේ පක්‍ෂ ප‍්‍රශ්නයක් නිසා නෙමෙයි. රටේ ජාතික අවශ්‍යතාවක් නිසයි. රට විනාශයෙන් බේරා ගන්නයි. එදා රණසිංහ පේ‍්‍රමදාස තරුණයන් හැටදහසක් අමු අමුවේ ඝාතනය කළා. එදා පේ‍්‍රමදාස මහතාත් දුප්පත් ජනතාවට බොරු පොරොන්දු ලබාදී තමයි බලයට ආවේ.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා -
 
 ගෝඨාභය මහතා රටේ විශාලතම ඡුන්ද ප‍්‍රමාණය ලබාගෙන 17 වැනිදාට හැත්වැනි විධායක ජනාධිපති ධුරයට පත් වෙනවා. ප‍්‍රතිවාදීන් දැන් පරාජිත මානසිකත්වයකයි ඉන්නේ. ඒ නිසා ආයෙත් ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය ගැන ප‍්‍රශ්න කරනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා -
 
 තීරණාත්මක ජාතික මහා වගකීමක් තව දින කිහිපයකින් එළැඹෙනවා. ගෝඨාභය මහතා ජයග‍්‍රහණය කරවන්න රටේ සෑම කෙනෙක්ම සූදානම් වෙලා සිටිනවා. අපේ අනාගතයේ ආරක්‍ෂාව උදෙසා ලැබෙන අවසන් අවස්ථාව ඉදිරි මැතිවරණය පමණයි. රට බෙදීමේ ටීඑන්ඒ - සජිත් දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීමේ වගකීම උත්තරීතර ඡුන්දදායකයන්ට තිබෙනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා -
 
 අපි එදා සජිත්ගේ තාත්තාට විරුද්ධව වැඩ කළා. සජිත් වගේම පේ‍්‍රමදාස මහත්තයාත් දුප්පතුන් ගැන කතා කරලා තමයි බලයට ආවේ. නමුත් මොකද වුණේ? රට ¥ෂණයෙන් පිරුණා. පාතාලය බලය අතට ගත්තා. අහිංසක ජනතාව ඝාතනය කළා. බලය ලබා ගන්න දේශපාලනඥයන් ඝාතනය කළා. අද සජිත්ලා ගෝඨාභය මහත්තයාට මඩ ගහනවා. ඔහු වටා සිටින්නේ පට්ට හොරු ටිකක්. මහ බැංකු හොරාකෑ එක ගැන කතා කරනවද? ඒවාගෙන් කොටසක් සජිත්ගේ සාක්කුවටත් ගියා.
 
 ඒ නිසා තමයි වාහන, නිවාස ඕන නැහැ කියන්නෙ. එහෙම නම් කොහොමද කෝටි ගණන් වාහන අරන් සුඛෝපභෝගී විදිහට ජීවත් වෙන්නේ. සෙරෙප්පු දෙකක් ගන්න සල්ලි නැතිනම් මේ තරම් කටවුට්, පෝස්ටර් ගහන්න සල්ලි කොහෙන්ද? ජනතාවත් එක්ක හිටියම ඔක්සිජන් ලැබෙනවා කියනවා. දැන් ජනතාවගේ ඔක්සිජන් ටිකත් හොරකම් කරන්නයි හදන්නේ. රටක් වටින නායකයන්ට, උපන් නූපන් දරුවන්ට රට බේරා දුන් අයට තමයි මේ අය මඩගහන්නේ.
 
 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා -
 
 නොවැම්බර් 16 වැනිදා කන්ද උඩරට තීන්දුව රටේම තීන්දුව බලා ගන්න පුළුවන්. ජනතා ව්‍යාපාරයේ අන්තිම දින කිහිපය දැන් ගෙවෙන්නේ. මේ කාලය තුළ ගෝඨාභය මහතා එන්නේ සහන පැකේජයක්, දුප්පත් ජනතාව නඟාසිටුවිමේ වැඩපිළිවෙළ අරගෙන. සජිත් එන්නේ මඩකරියෙක් වගේ මඩ අනාගෙන. පරාජයෙන් වියරු වැටුණු සජිත්ගේ කල්ලි මඩ ප‍්‍රචාර අරන් යනවා. ගෝඨාභය මහතා මේ රටේ ජනාධිපති වන බව දන්න නිසා වියරු වැටිලා. අන්තවාදීන් පෝෂණය කළ ආණ්ඩුවක්. පෝයකට පන්සල් යන්න, කෝවිල්, පල්ලි යන්න බැරි තත්ත්වයකට රට පත් කළා. පාස්කු ප‍්‍රහාරය වළක්වා ගන්න බැරි වූ ආණ්ඩුව ඒකත් ගෝඨාභය මහතාගේ වැඩක් කියලා කියන්න හදනවා. අන්තිමට සහරාන්ගේ දරුවොත් ගෝඨාභයගේ කියන්න බැරි නැහැ. පුතාණෝ ජනාධිපති අපේක්‍ෂකයා වුණා විතරයි එජාපයේ ඡුන්ද ප‍්‍රතිශතය සියයට 27 කට බැස්සා. සජිත්ට සුපිරි මොළයක්, හොඳ ඩයිනමෝවක් තියෙනවා කියනවා. ගෝඨාභය මහතා ඒවා කියනවද?
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා -
 
 ගෝඨාභය මහතා සෙංකඩගල පුරවරයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න උත්සාහ ගත්තා. මාර්ග සංවර්ධනය කළා. උමං මාර්ග හැදුවා. ඒ සියලූ සංවර්ධන කටයුතු පසුගිය කාලයේ නතර වුණා. ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පසුව පළමුව දළඳා වහන්සේ වැඳපුදාගෙන මහනුවර සංවර්ධන වැඩ ආරම්භ කරන්නයි කියා ඉල්ලා සිටිනවා. රටේම ජනතාව අද ඉල්ලන්නේ ගෝඨාභය මහතා පමණයි. රාජිතලා මංගලලා අවසන් දින කිහිපයේ මඩ කොම්පැණියේ වැඩ පටන් අරන්.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා -
 
 පරගැති, හොරුපිරි, ¥ෂිත ආණ්ඩුව ගෙදර යන දවසට කිරිබත් කන්න දැන්ම සූදානම් වෙන්න. කැවුම් හදන්න. මේ පරගැති යුගය 17 වැනිදායින් අවසන්. එජාපයේ වේදිකාවේ අයම කියනවා පොහොට්ටුවට ඡුන්දය දෙන්න කියලා. එජාප මන්ත‍්‍රීවරු වේදිකාවල අඬනවා. ඔවුන් පරාජය පිළිඅරන් ඉවරයි. සජිත්ගේ වේදිකාවල ඇමැතිවරු නැහැ. ඔවුන් අමාත්‍යාංශවලට ගිහින් බඩුමුට්ටු අස් කරනවා. ඉදිරි දින කිහිපය මඩ ගහන දින කිහිපයක්.
 
 
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා -
 
 සජිත් - රනිල් එලවන්න ගෝඨාභය මහතා රටේ ජනාධිපති කළ යුතුයි. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය පරාජය කළ ගෝඨාභය මහතාට රට භාරදෙන්න. රට සංවර්ධනය, සමෘද්ධිමත් කරන්න ගෝඨාභය මහතා කතා කරන්නෙ. නමුත් සජිත් වේදිකාවේ කියන්නේ පට්ටපල් බොරු.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා -
 
 2015 දී මේ රට භාර අරගෙන රටේ ගිනිදැල් නිවලා, රට සංවර්ධනය කරලා ආර්ථිකය ශක්තිමත් කළා. අපේ ¥ දරුවන්ට අභිමානයෙන් ජිවත් විය හැකි රටක් නිර්මාණය කළා. ඔබලාගේ රටේ අවාසනාවට මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වුණා. එදා නැවත වතාවක් මහින්ද මහතාව දේශපාලනයට ආරන් ආවේ ජනතාවයි. එහෙම ඇවිත් අවුරුදු හතරකට ආසන්න කාලයක් තුළදී නව පක්‍ෂයක් නිර්මාණය කරලා ජයග‍්‍රහණය කරන්න හැකියාව ලැබුණා.
 
 මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා -
 
 යුද්ධ ඕන ගොනෙකුට කරන්න බැහැ. ඒකට ශක්තිය, නායකත්වය තිබිය යුතුයි. ගෝඨාභය මහතා මේ රටේ යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. උගත් දැක්මක් සහිත නායකයෙක්ට පමණයි මේ රට දියුණු කළ හැක්කේ. ඒ නිසයි ශ‍්‍රීලනිපය විදිහට ගොඨාභය මහතාට සහාය ලබා දෙන්න තීරණය කළේ. 16 වැනිදාට ගෝඨාභය මහතාව දිනවන්නේ ශ‍්‍රීලනිපයේ ලක්‍ෂ 15 ක් සමඟ බව පැහැදිලිව කියනවා. අපි රට වෙනුවෙන් නැඟී සිටින කාලය එළැඹ තිබෙනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරාධ ජයරත්න මහතා -
 
 මේ අතිවිශාල ජනකාය තුළින් අපට පෙන්නුම් කරන්නේ ගෝඨාභය මහතාගේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් වෙනවා කියන එකයි. සෑම තැනකම තත්ත්වය මේකයි. ගෝඨාභය මහතාට දැන් මේ අය මඩගහනවා. ඇමැතිවරුන්ගේ ලේකම්වරු පවා ගිහින් මඩ පෝස්ටර් බෙදාහරින තත්ත්වයකට අද එජාපය පත් වෙලා.
 

Post a Comment

0 Comments