නව ජනපති අද රුවන්වැලි සෑය අබියසදී දිවුරුම් දෙයි


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (18 වැනිදා) පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අබියසදී දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා රුවන්වැලි සෑ මහ මළුවේ සිට අභිනව ජනාධිපති ලෙස ජාතිය අමතයි.

හෙතෙම ප්‍රථමයෙන්ම අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහ සම්භාවනීය අමුත්තෝ රාශියක් සහභාගි වෙති.

Post a Comment

0 Comments