මෙවර පැවැති ජනාධිපතිවරණය වඩාත් නීතිගරුක ජනාධිපතිවරණයක් බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය සැප්තැම්බර් 18 සිට නොවැම්බර් 13 අතර පූර්ව මැතිවරණ සමය තුළ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සහ අයථා ලෙස රාජ්‍ය දේපළ භාවිතා කිරීමේ සිදුවීම් 735 ක් වාර්තා වුවද, එය ද පසුගිය ජනාධිපතිවරණවලට සාපේක්‍ෂව අඩු සිදුවීම් ප්‍රමාණයක් බව එම සංවිධානය පවසයි.
එසේම නොවැම්බර් 13 වැනිදා සිට 16 වැනිදා දක්වා නිහඬ මැතිවරණ සමය තුළ නීති විරෝධී ප්‍රාචාරණ කටයුතු සිදුවීම් 25 ක් ද, මැතිවරණය පැවැති දිනයේදී ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක් සමග සිදුවීම් 104 ක් ද, කැෆේ සංවිධානයට වාර්තා වී තිබේ.
එම ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් බරපතළම සිදුවීම පුද්ගලයින් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමක් වන අතර එම සිදුවීමේදී කැපුම් තුවාල සහිතව දෙදෙනකු රෝහල්ගත කර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
0 Comments