මේ රටේ ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් යන සෑම ජන කොට්ඨාසයකටම එකම නීතියක් යටතේ ජීවත්වීමට අවස්ථාව හිමි වන ඒකීය රටක් තමන් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ඇති කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා යාපනයේදී පැවසීය.
ජනාධිපතිවරණය සඳහා යාපනයේ ජනතාවගේ සහාය ලබා ගැනීමට පසුගිය 8 දා යාපනයේ සංගිලියන් උද්‍යානයේදී පවත්වන ලද මහජන රැලියක් අමතමින් සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර වැසියන්ගේ ජීවිත සුඛිත මුදිත කොට යහපත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහාත් මේ පළාත් තුළ යෝධ සංවර්ධනයක් ඇති කිරීම සඳහාත් තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර රටවල සහභාගිත්වයෙන් ආධාර සමුළු දෙකක් පවත්වන බවයි.
මින් එක් සමුළුවක් උතුරු පළාතේද අනෙක් සමුළුව නැගෙනහිර පළාතේද පවත්වන බව කී සජිත් පේ‍්‍රමදාස මහතා මේ සමුළු තුළින් උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.
යාපනයේ සිටින්නේ ඉතාම වෙහෙස මහන්සි වී කටයුතු කරන අහිංසක ගොවි ජනතාවක් බව කී ඔහු මේ ගොවියන්ට නවීන තාක්ෂණ ක‍්‍රමවේදයන් ඔස්සේ ගොවිතැන් කිරීමට අවකාශ සලසා දෙන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා,
”යුද්ධයෙන් පසුව පැවැත්වීමට නොහැකි වූ ජාත්‍යන්තර ආධාරක සමුළු උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවලට ගෙන ඒමට මා කටයුතු කරනවා.
යාපනයේ සෑම ගම්මානයක්ම සංවර්ධනය කර ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගන්නවා. ජන සමාජයෙන් ජාතිවාදය, ආගම්වාදය අතුගා දමා සැමට සමානව සලකන රටක් අප නිර්මාණය කරනවා.
යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක් තිබෙනවා. එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ නව තාක්ෂණ විද්‍යාල 15 ක් අප ආරම්භ කරනවා.
ඒ තුළින් තරුණ පරපුරට ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ ප‍්‍රතිලාභ උදා කර දෙනවා. මෙම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ නව කර්මාන්තපුර 15 ක් ඉදි කර යොවුන් පරපුරේ රැුකියා ප‍්‍රශ්නයට විසඳුම් අප ලබා දෙනවා.”
0 Comments