ශ්‍රීලනිප සභාපති ධුරය යළි හිටපු ජනපති මෛත්‍රීට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය නැවතත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදී ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සමයේ පක්‍ෂ සභාපතීත්වයෙන් ඉවත්වී නිර්පාක්‍ෂිකව කටයුතු කළ අතර පක්‍ෂය වැඩබලන සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කටයුතු කළේය. ජනාධිපතිවරණය අවසන් වන තෙක් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කටයුතු කළ අතර පෙරේදා (18 දා) රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් පසු නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදුන් බවද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
0 Comments