නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීමට යයි
නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් ‘සුසර’ට වාර්තාවේ. වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉල්ලා අස්වීමට නියමිත අතර ඔහු ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීමට නියමිතය. මුදල් නීති පනත අනුව මහ බැංකු අධිපතිවරයා පත් කළ යුතු වන්නේ මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මතය. එහෙත් යහපාලන රජයේ සිටි මුදල් ඇමැති මංගල සමරවීර මහතාද මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට පෙර මුදල් ඇමැතිවරයෙකු පත්කර ගත යුතුවේ. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අධිපති ධුර කාලය අවසන් වීමෙන් පසුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවකට වැඩබලන මුදල් ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නිර්දේශය මතය.
0 Comments