ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස සිය පස් වසරක ධුර කාලයේදී ක්‍රියාත්මක කළ සියලු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ විශිෂ්ට දායකත්වයක් ලබා දුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
එම විශිෂ්ට දායකත්වය ලබාදුන් ඔවුන්ට තමන් ස්‌තුතිය පුදකරන බවද පැලවත්ත, අකුරේගොඩ නව යුද හමුදා මූලස්‌ථානය විවෘත කිරීමට ඊයේ (8 දා) එක්‌වෙමින් ජනාධිපතිවරයා පැවසීය.
ජාතික ආරක්‍ෂාවේදී සහ කලාපීය ආරක්‍ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජාතික ආරක්‍ෂාවේදී මෙන්ම රටේ භෞතික සංවර්ධනයේදී සහ මහජන සුබසාධනයේදී ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය ගෞරව පූර්වකව සිහිපත් කරන බවද ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්‌ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල නව සංකීර්ණයේ ස්‌ථාපනය කෙරුණු අතර යුද හමුදා මූලස්‌ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ස්‌ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැ`ගිලි සඳහා මාසිකව වැය කෙරුණු රුපියල් මිලියන 50 කට ආසන්න මුදල ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
නිලධාරීන් වෙත සේවාභිමානී සහ සිවිල් කාර්ය මණ්‌ඩල වෙත සේවා පදක්‌කම් ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විඡේවර්ධන මහතා ද, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්‍ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
0 Comments