‘ඇත්ත දිනුවා’ - අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප්‍රකාශක


මෙම ජනාධිපතිවරණයේදී සත්‍ය ජයග්‍රහණය කළේ යැයි කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප්‍රකාශක ජූඞ් ක්‍රිශාන්ත පියතුමා ‘සුසර’ ට ඊයේ (17 දා) පැවැසීය.

ශ්‍රී ලාංකික ජනතාව සිය සිතුම් පැතුම් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු ඉටු වී ඇතැයි කී ජූඞ් ක්‍රිශාන්ත පියතුමා දූෂණයෙන් තොර සැබෑ රටක් ගොඩනැගීම සඳහා නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කතෝලික සභාව ආශිර්වාද කරන බව ද සඳහන් කළේය.

ජූඞ් ක්‍රිශාන්ත පියතුමා මෙසේද පැවැසීය.

පසුගිය කාලයේ ඇති වූ සිද්ධීන් දෙස බලද්දී රටේ මුළුමහත් ජනතාව විවිධ ප්‍රශ්නවලට ලක්වුණා. හැමදාම බොරුව ගෙනියන්න බැහැ. සත්‍ය ජයග්‍රහණය කළා. කතෝලික සභාව නව ජනාධිපතිතුමාට සුබ පතනවා.

Post a Comment

0 Comments