මෙරට හත්වන විධායක ජනපති ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් මෙම ආරාධනය සිදුකර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ආරාධනය පිළිගෙන ඇත.
ඒ අනුව නුදුරේදීම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
මේ අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයන් නිකුත් කරමින් ස්වෛරී ශ්‍රී ලංකාවක් සඳහා ආර්ථික, මානව සම්පත් දියුණුව සහ යහපාලනය යන කරුණු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කටයුතු කිරීමට ඇමරිකානු රජය සූදානම් බව සඳහන් කර ඇත.

සමන් ගමගේ
0 Comments