තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දායකයන්ගේ නිවසටම ගොස් නිල ඡන්ද කාඩ්පත් බෙදාදීම (9 දා) අදින් අවසන් කරන බව තැපැල්පති රංජිත්a ආරියරත්න මහතා zදිවයිනZට පැවසීය.
මේ වනතුරුත් නිල ඡන්ද කාඩ්පත් නොලැබුණු සියලු දෙනා අද (9 දා) තමන් ගේ නිවෙස් තුළ රැඳී සිට තැපැල් සේවකයන්ගෙන් තමන්ට හිමි නිල ඡන්ද කාඩ්පත ලබාගන්නා ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
අද (9 දා) දවස නිල ඡන්ද කාඩ්පත් බෙදාහරින විශේෂ දිනයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව නම්කර ඇති බවත් අදින් පසුව නිල ඡන්ද කාඩ්පත් ලබාගත හැක්‌කේ තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසුව පමණක් බවත් තැපැල්පතිවරයා අවධාරණය කළේය.
මේ වන විට මුළු ඡන්ද දායකයන්ගෙන් 85% වැඩි ප්‍රමාණයකට නිවසටම ගොස් නිල ඡන්ද කාඩ්පත් ලබාදී ඇති බවත් 9 වැනිදා සවස් වන විට මෙම සංඛ්‍යාව 98% දක්‌වා ඉහළ යනු ඇති බවත් තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

0 Comments