නව සිංහල රාවය සංවිධානයත් විසුරුවාහරියි


එළැඹෙන මහ මැතිවරණයෙන් පසුව නව සිංහල රාවය සංවිධානය විසුරුවාහරින බව එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.
“අපිට හොඳ රාජ්‍ය නායකයෙක් ලැබිලා තිබෙනවා.අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වගේ මහ දැවැන්ත යුග පුරුෂයෙක් ලැබී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට රකීවි. මේ රට ආරක්ෂා කරාවි.
ඒ අනුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම නව සිංහල රාවය ජාතික සංවිධානය විසුරුවාහරින්න තීරණය කරනවා. එතුමට මේ සියලු කටයුතු අපි භාර දෙනවා එතුමා ගැන පූර්ණ විශ්වාසය තබමින්.” යැයි උන්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වමින් පැවැසූහ.

Post a Comment

0 Comments