නාවලපිටිය සොයිසා කැලේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ කාර්යාලය කඩා දැමීමට ගොස් එහි නිවාස අයිතිකාරියට පහරදී බැන මරණ තර්ජනය කළැයි නාවලපිටිය එ.ජා .ප ආසන සංවිධායක හා නාවලපිටිය නගරාධිපති සසංක සම්පත් සංජීව මහතා ඇතුළු දෙදෙනකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
9 වැනිදා රාත‍්‍රී නාවලපිටිය නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ජීප් රථයකින් මෙම ප‍්‍රදේශයට ගොස් පහර කෑමට ලක්වූ බව කියන චන්ද්‍රාවතී පෙරේරා නමැත්තියට බැන වැදුණු බවත් පසුව නගරාධිපතිවරයාගේ රියැදුරු විසින් මෙම කාන්තාවට පහරදී ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්ව ඇත. එහිදී නගරාධිපතිවරයා මෙම කාන්තාවට මරණ තර්ජන කළ බව පැමිණිල්ලේ සඳහන්ය.
මෙසේ පහර කෑමට ලක්වූ තැනැත්තිය නාවලපිටියේ පොලිසියේ මේට‍්‍රන්වරිය ලෙස සේවය කරන අතර ඇය මේ වන විට නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.
නගරාධිපතිවරයා සමඟ එජාප මන්ත‍්‍රීවරයකු ඇතුළු පිරිසක් මෙම පොදුජන පෙරමුණ කාර්යාලය වෙත ගොස් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් අතර මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.
ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරි ඕ. පී. අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පො.ප. දුමින්ද නයනසිරි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වති.
සැකකරුවන් නාවලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ (10දා* ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.
0 Comments