කිසිදු විදේශ බලපෑමකට යටත් වෙන්නේ නෑ

රටේ ස්වෛරීත්වයට හානි වන කිසිදු ගිවිසුමකට එළැඹෙන්නේ නැතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 
 සෑම අවස්ථාවකම විදේශ රටවල් සමඟ මිත‍්‍රත්වයෙන්, සුහදත්වයෙන් කටයුතු කරනු මිස කිසිදු විදේශීය බලපෑමකට යටත් නොවන බව ද ඒ මහතා පැවසීය.
 
 ශී‍්‍ර ලංකාව නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බවත්, තම රජය ද එය ඉදිරියට පවත්වාගෙන යන බවත් පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන රටක් සමඟ මිත‍්‍රත්වයෙන් රාජතාන්ති‍්‍රකව කටයුතු කළත් රටේ ස්වෛරීත්වයට හානි වන ගිවිසුමකට එළැඹෙන්නේ නැතැයි ද කීවේය.
 
 රටේ ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කරන බව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ද ඇතුළත් කර තිබෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කලවාන, මතුගම, බේරුවල මැතිවරණ කොට්ඨාසවල පැවති ජනාධිපතිවරණ ජන රැුලිවලට එක් වෙමිනි.

Post a Comment

0 Comments