මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයන්, ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වන පුද්ගලයන් නිරීක්‍ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිය නිල ඇඳුම්වල කැමරා සවිකරගෙන රාජකාරියේ නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා zදිවයිනZ ට ඊයේ (15 වැනිදා) පැවසීය.
නිල ඇඳුම්වල කැමරා සවිකරගෙන රාජකාරී කරන නිලධාරීන්ට සාක්‌ෂි සහිතවම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවන බව ද ඒ මහතා කියා සිටියේය.
මෙම කාර්ය සඳහා ඇඳුම්වල සවිකරගෙන යා හැකි කැමරා විශාල ප්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව ලබාගෙන ඇති බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.
0 Comments