මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එල්ලා තිබූ මෛත්‍රි රනිල් ඡායාරූප ගලවා විසි කරලා
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ කාර්යාලයට ඇතුල්වූ නාඳුනන පුද්ගලයෙකු එහි එල්ලා තිබූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා රාජ්‍ය පරිපාලන අභ්‍යන්තර කටයුතු අමාත්‍යතුමන්ලාගේ ඡායාරූප ගලවා පිටතට විසි කර ගොස් ඇත. මෙම සිද්ධිය වූ අවස්ථාවේ මඩකලපුව දිස්ත්‍රික්ක ලේකම් එම්. උදයකුමාර් කාමරය තුළ නොසිටින ලදී. ඔහු කොළඹ ගොස් තිබියදී මෙම සිද්ධිය සිදුවී ඇත. මෙම සිද්ධිය මඩකලපුව මූලස්ථාන පොලිසියට දැන්වීමෙන් අනතුරුව එහි ගිය මඩකලපුව පොලිසිය විමර්ශනය ආරම්භ කර ඇත.
0 Comments