අභිනව ජනපති දිවුරුම්දීම සමරමින් කුරුණෑගල රෝහලේ විශේෂ උත්සවයක්



ගෝඨාභය රාජපක්‍ෂ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සමරමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ඊයේ (18 වැනිදා) උදෑසන රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්විණි.
 
 රෝහල් අධ්‍යක්‍ෂ වෛi සරත් වීරබණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කැඳන්ගමුව මහත්වරුන් ඇතුළු වෛiවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රෝහලේ සියලුම සේවකයන් සහභාගි වූහ.
 
 කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛi ෂාෆි ෂෙහාබ්ඩීන් විසින් සැත්කම් කරද්දී සිංහල මවුවරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා එල්ල වීම රටේ මහත් ආන්දෝලනයට ලක්වූ සිදුවීමක් විය.
 
 එහිදී කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය මෙම වෛiවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රජයට දැඩි බලපෑම් එල්ල කරන ලදී.
 
 එහෙත් රජය මෙම වෛiවරයාගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් ඔහු නිර්දෝෂී පුද්ගලයකු කිරීමට දැඩි ලෙස කටයුතු කළේය. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න වෛi ෂාෆි වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු නිර්දෝෂී පුද්ගලයකු කිරීමට කටයුතු කර තිබිණි.
 
 මෙම වෛiවරයාගේ සිද්ධිය හමුවේ රජය කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් අතර අසාධාරණයට ලක්වූ මවුවරුන්ට සාධාරණයක් කිරීමට කටයුතු කර නොතිබිණි.
 
 නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍අෂ මහතා පත්වීම සමරමින් කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය කිරිබත් ඇතුළු ආහාර පානවලින්
 
 රෝගීන්ට මෙන්ම රෝහලට පැමිණි පිරිස්වලට සංග්‍රහ කිරීමට ද කටයුතු කරන ලදී.
 
 මෙම උත්සවය අමතමින් වෛi සරත් වීරබණ්ඩාර මහතා දේශනයක් පවත්වන අයුරු සහ රෝහල් කාර්ය මණ්ඩලය ඊට සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

Post a Comment

0 Comments