එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප‍්‍රසිද්ධ ගිවිසුමකට එළැඹ නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
මේ වන විට ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වා ඇති බවත් ඒ ප‍්‍රතිපත්ති හා එකඟ වී නවීන හා සංවර්ධන ශ‍්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි උතුරු නැගෙනහිර සියලූම දේශපාලන පක්‍ෂ වලට සජිත් පේ‍්‍රමදාස මහතා ආරාධනා කර ඇතැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය. ඊයේ (3 දා) යාපනයේ පැවැති පොකුරු රැුස්වීම් මාලාවකට සහභාගි වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උතුරටත් දකුණටත් පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම බවයි.