මාර්තු 8 වනදා සිට ශ්‍රී ලංකාවෙන් කුවෙට් බලා පැමිණෙන සියලුම මගීන් සඳහා වෛද්‍ය සහතිකය අනිවාර්ය වේ.

කුවෙට් සෞඛ්ය අමාත්යාංශයේ උපදෙස් වලට අනුව, පිලිපීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, සිරියාව, අසර්බජාන්, තුර්කිය, ශ්රී ලංකාව සහ ලෙබනනය යන රටවල් මේ නීතියට ඇතුලත්වේ. 

මෙකී රටවල සෑම කුවෙට් තානාපති කාර්යාලයකින්ම නිර්දේශ කරන ලද සෞඛ්ය මධ්යස්ථාන වලින් ඔබට කෙරෝනා වෛරසය නැති බවට සහතික කරන වෛද්ය සහතිකයක් ලබාගත යුතුය. 

එය නැතිව එකී රටවලින් ඔබට පිටත්වීමට නොහැකි වන අතර යම් හෙයකින් ඔබ වෛද්ය සහතිකය නොමැතිව කුවෙට් රටට ඇතුල් වූවද ඔබව ආපසු එම ගුවන්යානයෙන්ම ඔබගේ රටට පිටත් කර යවනු ලැබේ. ඒ සඳහා කිසිදු මුදලක් ඔබට ගෙවන්නට සිදුනොවේ.

ගුවන්සේවා ආයතනද මෙම වගකීම පැහැර හැර කටයුතු කලොත් ඔවුන්ටද දැඩි දඬුවම් පමුණුවීමට තීරණය කොට ඇත.

මෙම වෛද්ය සහතිකය කුවෙට් ජාතිකයන්ට අවශ්ය නොවන අතර ගුවන්තොටුපලේ කෙරෙන පරීක්ෂණ වලට පමණක් ඔවුන් භාජනය වේ. මාර්තු 8 වෙනිදා සිට මෙම නීතිය වලංගු වේ...

Post a Comment

0 Comments