මහ මැතිවරණය කල් යයි
රටේ පවතින තත්වය අනුව අප්‍රේල් මස 25 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිදු හේතුවක් මත හෝ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 26 ට පසු තීරණය කරනු ලබන බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර අදාළ මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් මස 25 වෙනි දිනට පසු වැඩකරන දින14 කින් පසු දිනයක් විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
0 Comments